නොමිලේ බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.
චෛත්‍ය වන්දනාව.
ත්‍රිවිධ රත්නය, ත්‍රිවිධ බෝධිය එකවිට වැඳීම .
බුද්ධං ධම්මං ච සංඝං සුගත තනුභාවා ධාතුයෝ ධාතුගබ්භේ, ලංකායං ජම්බුදීපේ තිදස පුරවරේ නාගලෝකේ ච ථුපේ, සබ්බේ බුද්ධස්ස බිම්බේ සකල දසදිසේ කේසලෝමාදී ධාතුං, වන්දේ සබ්බේපි බුද්ධං දසබල තනුජං බෝධිචෛත්යං නමාමි. | ||
/බුද්ධ රත්නය ද, ධම්ම රත්නය ද, සංඝ රත්නය ද සුගත තථාගතයාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා ද සියළුම ධාතු ගර්භයන් ද, ලක්දිව දඹදිව දෙව්ලොව හා නා ලොව ද වූ ථුපයෝ ද, සියලු බුද්ධ ප්‍රතිමා වහන්සේලා ද, දස දිශාවෙහි පිහිටි කේෂ ලෝමාදී ධාතුන් වහන්සේලා ද, සියළුම බුදුවරයන් වහන්සේලා ද, ශාරීරික ධාතුන් වහන්සේලා හා බෝධිරාජයාණන් වහන්සේලා ද මම වඳිමි./ |
ත්‍රිවිධ චෛත්‍ය එකවිට එකවිට වන්දනාව.
වන්දාමි චෙතියං සබ්බං - සබ්බ ඨානෙසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බොධිං - බුද්ධ රූපං සකලං සදා. | ||
/සියළු තැන්හි පිහිටි සෑම චෛත්‍යයක්ම ද ශාරීරික ධාතුන් වහන්සේලා ද ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුලු හැම බෝධීන්වහන්සේ නමක්ද මම හැම කල්හමි වන්දනා කරමි./ |
ශාරීරික චෛත්‍ය වන්දනාව.
යාකුන්ද මුත්තික සුවණ්ණ නිභාප්පහායෝ සිද්ධත්ථ භින්නවර තණ්ඩුල මුග්ග මත්තා තා බුද්ද මජ්ජිම මහංතිච තිප්පභේදා ධාතු ජීනස්සත මහං පණමාමි සබ්බං. | ||
/කොඳ මල් පැහැති අබ ඇට පමණ වූ යම් කුඩා සර්වඥ ධාතුන් වෙත්ද, මුතුවන් පැහැ ඇති සුනු සහල් පමණැති මධ්‍යම ප්‍රමාණයේ ධාතුන් ද, රන්වන් පැහැ ඇති මුං පියළි පමණ වූ මහත් සර්වඥ ධාතුන් වහන්සේලා ද යනාදී ත්‍රිවිධාකාර සියළු ධාතුන් වහන්සේලා මම වඳිමි./ |
පාරිභෝගිික චෛත්‍ය වන්දනාව.
බෝධිං නිසීදන මථාසන පාද පීඨං පත්තං තී චීවර මථෝදක සාටිකාදිං යං යං හි යත්ර භගවා පරිභූංජි වත්ථුං සබ්බං නමාමි පරිභෝගික චේතියං තං. | ||
/බෝධිය, නිසීදනය, ආසනය, පා පුටුව පත්‍රය කුන් සිවුරු ජල සාටිකය යනාදී යම් වස්තුවක් යම් තැනකදී භාග්‍යවතුන් වහන්සේ පරිභෝග කළ සේක්ද පාරිභෝගික චෛත්‍ය වූ ඒ සියල්ල මම වන්දනා කරමි./ |
උද්දේශික චෛත්‍ය වන්දනාව.
යෝ සබ්බ පාරමී සුපරිය බුද්ධභාව පත්වා ආදාසි නිඛිලාය පජාය සංතිං තං උද්දිසිත්ව සුගතං කත මග්ගභූතං වන්දාමි ගාරචයුතෝ මුනිබිම්බ මේතං. | ||
/යම් සර්වඥයන් වහන්සේ නමක් සියලු පාරමී ධර්මයන් මනාකොට පුරා බුද්ධත්වයට පැමිණ සියලු සත්වයාට ශාන්තිය දුන් සේක් ද ඒ සුගතයාණන් වහන්සේ උදෙසා කරන ලද මේ බුද්ධ ප්‍රතිමාව මම ගෞරවයෙන් වන්දනා කරමි./ |
සතර දළදා වැඳීම.
01 | ඒකා දාඨා තිදසපුරේ - ඒකා නාග පුරේ අහු ඒකා ගන්ධාර විසයේ - ඒකාසි පුන සීහලේ චතස්සෝ තා මහා දාඨා - නිබ්බාන රස දිපිකා පුජිතා නරදේවේහි - තාපි වන්දාමි ධාතුයෝ. | |
/තව්තිසා දිව්‍ය ලෝකයෙහි එක් දන්ත ධාතුන් වහන්සේ නමක්ද, නාග ලෝකයෙහි එක් දළදා වහන්සේ නමක්ද, ගණ්ඨාර දේශයෙහි එක් දළදා වහන්සේ නමක්ද, සීහල දීපයෙහි (ලක්දිව) එක් දළදා වහන්සේ නමක්ද යන ස්ථානවල ඒ සතර දළදාවහන්සේලා වැඩ වෙසෙති. නිවන් අමා රසය ගෙන දෙන්නාවූද, දෙව් මිනිසුන් විසින් පූදනු ලබන්නාවූද ඒ දළදා වහන්සේලාට මම වඳිමි./ | ||
02 | ඒක දාඨා තිදසේහි පූජිතා ඒකා පුන ගණ්දාර පුරේ මහීයතේ කාලිංග රඤ්ඤෝ විජිතේ පුරේකා ඒකා පුන නාගරාජා මහෙන්ති. | |
/සර්වඥයන් වහන්සේගේ එක් දළදාවක් තව්තිසා දෙවියන් විසින්ද, එක් දළදාවක් ගණ්ඨාර පුර වාසින් විසින්ද, එක් දළදාවක් කාලිංග රට රජු විසින්ද, එකක් නාග ලෝකයේ දිව්‍ය නාග රාජයන් විසින්ද පුදන ලදි. මෙසේ දිව්‍ය මනුෂ්‍යාදීන් විසින් පූදනු ලද්දා වූ සතර දළදා වහන්සේලා මම ද වඳිමි. / |
දළදා වහන්සේ වැඳීම.
01 | ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං වේනෙය්‍ය කෝමුදවනං වලිසීතලං හී අද්ධින්දුකාර වර රූපවිරාජ මානං වන්දාමි සාදු මමලං ජිනදන්තධාතුං. | |
/ලෝක නාථයාණන් වන බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ නැමැති පද්මයට හංස රාජයෙකු වැනි වූ හික්මවිය යුතු පිරිස නැමැති කුමුදු වනයට චන්ද්‍ර කාන්තියක් වැනි වූ අර්ධ චන්ද්රාකර උතුම් වූ රූපයකින් බබලන්නාවූ නිර්මලවූ ඒ දන්ත ධාතුන් වහන්සේ මම මනාකොට වන්දනා කරමි./ | ||
සත් සතිය ගතකළ ස්ථාන වන්දනාව.
01 | පඨමං බෝධි පල්ලංකං - දුතියංච අනිම්මිසං තතියං චංකමණං සෙට්ඨං - චතුත්ථං රත්නාඝරං පංචමං අජපාලංච - මුචලින්දේන ජට්ඨමං සත්තමං රාජායතනං - වන්දේ තං මුනිසේවිතං. | |
/ පස්මරුන් පරදවා සම්බුද්ධත්වයට පැමිණි අප තථාගත බුදුරජාණන් වහන්සේ පළමු සතිය බෝධි මූලයේද, දෙවැනි සතිය අනිමිසලෝචන පුජාවෙන් ද, තෙවැනි සතිය රුවන් සක්මනින්ද, සිවුවැනි සතිය රත්නාඝාරය හෙවත් රුවන් ගෙයිහිද, පස්වැනි සතිය අජපාල නුගරුක මූලයේද, සයවැනි සතිය මුචලින්ද නාග දරණ තුළද, සත්වැනි සතිය රාජායතන නම් වූ කිරිපලු නුගරුක මූලයේද ගත කළ සේක. තථාගතයාණන් වහන්සේ සත් සතිය ගත කළ ඒ සියල්ලටම (සියළු බෝධි මුලයන්ට) මම වන්දනා කරමි. / | ||
02 | වන්දේ තං බෝධි පාදපං. | |
/ ඇතැම් තැන්හි මෙම සත් සතිය ගතකළ ස්ථාන වන්දනා ගාථාවේ අවසන් පදය මෙසේද සඳහන්ව ඇත. / |
සොළොස්මස්ථාන එකවිට වැඳීම.
මහියංගණං නාගදිපං - කල්‍යාණං පදලාඤ්ඡනං දිවාගුහං දීඝවාපි - චේතියඤ්ච මුතියංගණං තිස්ස මහාවිහාරඤ්ච - බෝධිං මරිච වට්ටියං සොණ්ණමාලී මහා චේතිං - ථුපාරාම භයාගිරිං ජේතවනං සේල චේතියං - තථා කාචර ගාමකං ඒතේ සොළසඨානානී - අහං වන්දාමි මුද්ධනා. | ||
/ මහියංගණය, නාගදීප, කැළණිය (කල්‍යාණිය), ශ්‍රි පාද ලාංචනය, දිවාගුහාව, දීඝවාපි චෛතය්‍ය, මුතියංගණය, තිස්ස මහාරාම විහාරය, ශ්‍රි මහා බෝධිය, මිරිසවැටිය, රුවන්වැලි (ස්වර්ණමාලි) මහා චෛතය්‍ය, ථුපාරාමය, අභයගිරිය, ජේතවනරාමය, සේල චෛතය්‍ය, කතරගම කිරි වෙහෙර යන මේ සොළොස් මධ්‍යස්ථානයන්ට මම මුදුණත්දී නමස්කාර කරමි. එම සියළු චෛත්‍යයන් හි ඇති ධාතුන් වහන්සේලාට මම වඳිමි. / | ||
අටමස්ථාන වැඳීම.
01 |
අනුරාධපුර ශ්‍රි මහා බෝධින් වහන්සේ වැඳිම.
සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ සම දිට්ඨිත දක්ඛින සාඛ භවං සුභ මේඝ වනම්හර මේඝ නිහං ජය බෝධි මහං පණමාමි වරං. |
|
|
/ යහපත් කොට පිහිටි අනුරාධපුරයෙහි අහස්කුස මහත් මේඝයක් සේ මනාකොට මහමෙවුනා වනෝද්‍යානයෙහි පිහිටුවන ලද ජය ශ්‍රි මහා බෝධිරාජයාගේ දක්ෂිණ ශාඛාව මම වඳිමි. /
|
|
|
|
|
02 |
රුවන් වැලි (ස්වර්ණමාලි ) චෛතය්යට වැඳිම.
සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං සුවණ්ණමාලීති පතීත නාමං වන්දා මහං ථුපවරං මහග්ඝං. |
|
|
/ සර්වඥ ධාතුන් වහන්සේලා බුද්ධ රූපය මවා ප්රාතිහාර්ය දක්වා රුවන් මැලි සෑයෙහි සැතපුණ සේක. දුටුගැමුණු රජු විසින් කරවන ලද ස්වර්ණ මාලි යන නමින් ප්‍රකට ඒ මහාර්ඝ චෛත්‍ය රාජයාට මම වඳිමි. /
|
|
|
|
|
03 |
අභයගිරි චෛතය්යට වැඳිම.
කතනව මණිකමෙම් ධාතුගබ්භේ සුරම්මේ කනක වසභ කුචජිං ධාතුනා පුරයිත්වා විහිත මභය රඤ්ඤෝ ධඤ්ඤෝ පුඤ්ඤාධිවාසෝ අභයගිරි විහරෙ චාරුථුපං නමාමි. |
|
|
/ කරන ලද අභිනව මාණික්‍ය කර්ම ඇති රන් වෘෂභ රාජයකුගේ කුසෙහි ධාතු පුරවා වලගම්බා මහරජු විසින් කරවන ලද අභයගිරි විහාරයෙහි චෛත්‍ය රාජයා මම නමස්කාර කරමි. /
|
|
|
|
|
04 |
ජේතවනරාම චෛතය්යට වැඳිම.
පතිට්ඨ පෙත්වා ජිනකාය බන්ධනං සකේස ධාතුං සහ දේහ ධාතුයො මහා මහාසේන නරින්ද කාරිතං සුචේතියං ජෙතවනංති විස්සුතං. |
|
|
/ බුදුරජාණන් වහන්සේගේ පටි ධාතුව කේෂ ධාතුව සහ ශාරීරික ධාතු නිදන් කොට මහසෙන් රජු විසින් කරවන ලද ජේතවන චෛත්‍යය මම වන්දනා කරමි. /
|
|
සුචේතියං ජෙතවන නමාමහං.
|
||
|
/ ඇතැම් තැන්හි මෙම ජේතවනරාම චෛත්‍යය වන්දනා ගාථාවේ අවසන් පදය මෙසේද ඇත. /
|
|
|
|
|
05 |
ලංකාරාම චෛතය්යට වැඳිම.
මහාසෙන නරින්දස්ස - දෙවියා කාරිතං පුරෙ ලංකාරාම මහා නග්ගං - චෙතියං තං නමාමහං. |
|
|
/./
|
|
ලංකාරාම මහිඤ්ඤාතං.
|
||
|
/ ඇතැම් තැන්හි මෙම ලංකාරාම චෛතය්‍ය වන්දනා ගාථාවේ තෙවැනිපදය මෙසේද ඇත. /
|
|
|
|
|
06 |
ථුපාරාම චෛතය්යට වැඳිම. යස්මිං දක්ඛිණ මක්ඛකඤ්ච මුනිනො සම්භාසමානස්සතු ධාතුංචාපි නිධායලෝක මහිතෝ ජබ්බණ්ණ සොභාකුලේ දෙවානංපියතිස්ස භූපති වරෝ කාරේයි සද්ධා ධනෝ ථුපාරාම වරං නමාමි නමාමහං අජ්ඣායිතාං සත්ථුනෝ. |
|
|
/ දේවානම්පියතිස්ස රජතුමා විසින් බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිදන් කොට කරවූ සියළු ලෝකයා විසින් පුදනු ලැබුවා වූ (පළමුවන චෛත්‍ය වූ) ථුපාරාම චෛත්‍ය රාජයාට මම නමස්කාර කරමි. /
|
|
|
|
|
යස්මිං දක්ඛිණ මක්ඛකඤ්ච මුනිනො පත්තප්පමාණො තනුු.
|
||
|
/ ඇතැම් තැන්හි මෙම ථුපාරාම චෛත්‍යය වන්දනා ගාථාවේ මුල් පදය මෙසේද සඳහන්ව ඇත. /
|
|
|
|
|
07 |
මිරිසවැටි චෛතය්යට වැඳිම.
අභයරාජ සධාතුක කෙතුවරං සුනිධාය කතං බහුමානිතං සකලහිතං පණ මේ සදා මරිචවට්ටික චේතිය මුත්තමං. |
|
|
/ දුටුගැමුණු (අභය රජූ) විසින් සර්වඥ් ධාතු සහිත වූ උතුම් වූ ජය කුන්තය නිදන් කොට බඳවන ලද සියළු සත්වයාට හිත වැඩ පිණිස පවතින්නා වූ මිරිසවැටි චෛත්‍යය මම වඳිමි. /
|
|
|
|
|
08
|
ඉසුරුමුනි විහාර වැඳිම.
දෙවානං පියතිස්සෙන මහාරාජෙන සධුකං ධාතුයෝ නිදහිත්වාන සිලාය පටිමා සුභා යහිංකාර පිතා සත්ත නොත්තචිත්තපියඬකරා ඉස්සරසමනාරාමෙහාසුරංතං නමෙමරං. |
|
|
/./
|
|
|
|
|
සොළොස්මස්ථාන වැඳීම.
01 |
මහියංගණ චෛතය්යට වඳින ගාථාව.
ලංකාය යත්ථ පඨමං සුගතෝ නිසජ්ජ යක්ඛේ දමේසි නිජ සාසන පාලනාය ඨානේ තහිං නිහිත කුන්තල ග්රීවධාතුං වන්දාමි සාධු මහියංගණ ථුප රාජං. |
|
|
/ සර්වඥයන් වහන්සේ බුදු සසුන ආරක්ෂා කරනු පිනිස ප්‍රථමයෙන්ම ලක්දිව යම්තැනෙක යක්ෂයින් දමනය කළ සේක්ද ඒ ස්ථානයෙහි කේෂ ධාතුන් හා ග්‍රීවා ධාතුන් නිදන්කොට ස්ථාපිත කරන ලද මහියංගණ චෛත්‍යරාජයා මම වඳිමි. /
|
|
|
|
|
02 |
නාගදීප චෛතය්යට වැඳිම. භගිණි සුත මාතුලේහි දින්නේ මණි පල්ලංක වරේ යහිං නිසින්නෝ මුණි ධම්ම දේසයී පණීතං සිරසා තං පණමාමි නාගදීපං. |
|
|
/ යම් තැනෙක මාමා සහ බෑණා විසින් පූජා කරන ලද උතුම් වූ මිණි පළගෙන (මැණික් පුටුවක) වැඩහිඳ තථාගතයාණන් වහන්සේ විසින් (භික්ෂූන්ට) ධර්ම දේශනා කළ සේක්ද එම පාරිභෝගික ධාතු වස්තුව (මැණික් පුටුව) තැන්පත් කර සාදවන ලද නාගදීප චෛත්‍යයට මම නමස්කාර කරමි./
|
|
|
|
|
03 |
කැළණි (කල්‍යාණි ) චෛතය්යට වැඳිම. |
|
|
/ මණි අක්ඛිත නම් නාගරාජයාගේ ආරාධනාවෙන් සර්වඥයන් වහන්සේ යම් තැනෙක මැනික් මණ්ඩපයෙහි වැඩහුන් සේක්ද ව මතුයෙහි කරන ලද කැලණි චෛත්‍ය රාජයාට මම ශිර්ෂ ප්‍රණාමයෙන් නමස්කාර කරමි./
|
|
|
|
|
04 |
ශ්‍රී පාද පද්මය (පාදස්ථානය) වැඳිම. කල්‍යාණතෝ ගගනතෝ මුනි යත්ථ ගන්ත්වාදස්සේසි චක්ඛ වර ලක්ඛණ පාද ලාඤ්ඡනං ලංකා මහී වර මධු මකුටෝපමානං වන්දාමහෙ සුමණ කුට සිලුච්ඡයන්තං. |
|
|
/ මුනීන්ද්රයන් වහන්සේ කැලණියේ සිට අහසින් වැඩම කර චක්‍ර ලක්ෂණ සම්පන්න වූ ශ්‍රීපාද ලාංචනය යම් තැනෙක පිහිටුවා වදාළ සේක්ද ලංකා පෘථුවි නැමැති කාන්තාවට ඔටුන්නක් බඳු වූ සමන්තකූට පර්වත රාජයාට මම වන්දනා කරමි./
|
|
|
|
|
යන්නම්මදාය නදියා පුලිනේච තීරේ යං සච්ච බද්ධ ගිරිකෙ සුමනා චලග්ගෙං යං තත්ථ යෝනකපුරේ මුනිනෝ ච පාදං තං පාද ලාඤ්ඡන මහාං සිරසා නමාමි. |
||
|
/ යම් බඳු ඒ යෝනක පුරයෙහි නර්මදා නම් ගං තෙරද, සච්ච බද්ධ පර්වතයෙහි ද, සමන්ත කුට පර්වතයෙහි ද යන මේ ස්ථානවල පිහිටුවා ඇති මුනීන්ද්රයන්ගේ ඒ පාද පාද ලාංචනයක් වේද ඒ හැම ශ්‍රීපාද ලාංඡනයක්ම මම සිරස මස්ථකයෙන් වන්දනා කරමි./
|
|
|
|
|
05 |
දිවාගුහාව (භගවා ලෙන) වැඳිම. ඛීණාසවේහි සහ පඤ්චසතේහි ගන්ත්වා යස්මිං අකාසි භගවා සදිවාවිහාරං සංඵුල්ල සාල සුමනාචල පාද දේසේ වන්දේ සුසීතලමහං භගවා ගුහං තං. |
|
|
/ රහතන් වහන්සේලා පන්සියයක් සමඟ බුදුරජාණ න් වහන්සේ දිවා කාලය විවේකීව ගත කළ සේක් ද මනාව පිපුණු මල්වලින් යුතු සල් ගස් ඇති සමනල කන්ද පමුල වූ ප්‍රදේශයටම ඉතා සිසිල් ගතියෙන් යුත් භගවා ලෙන (දිවාගුහාව) මම වන්දනා කරමි./
|
|
|
|
|
06 |
දීඝවාපි චෛතය්යට වැඳිම. යත්ථ නිසීදිය භගවා සසාවකෝ සාධු සමප්පයී සමායිතං දීඝවාපි ථුපං රෝහණපුර මණ්ඩනං වන්දේ. |
|
|
/ යම් තැනෙක් හි වැඩ හිඳ ශ්‍රාවකයන් වහන්සේලා සහිත වූ තථාගතයාණන්වහන්සේ සමාධි සුවයෙන් කල්ගත කළ සේක්ද, රුහුණුරට පිහිටි ඒ දීඝවාපි චෛත්‍යය මම වඳිමි. / | |
තං රෝහණ ලංකරණම්පි දීඝවාපිං නමේ ථුප මහං පසත්ථං. |
||
|
/ ඇතැම් තැන්හි මෙම දීඝවාපි චෛත්‍යය වන්දනා ගාථාවේ අවසන් දෙපදය මෙසේ සඳහන්ව ඇත./
|
|
|
|
|
නිසජ්ජ බුද්ධෝ අසමං සමාධිං සසාවකෝ යත්ථ සමප්පයිත්ථ තස්මිං සද්ධාතිස්ස නරින්ද කාරිතං වන්දේ දීඝවාපි මහා ථුපරාජං. |
||
|
/./ |
|
|
|
|
07 |
මුතියංගණ චෛතය්යට වැඳිම. විමල සීතල භූරි ජලාසයප් පහව කන්දර භුසිත සුන්දරං ගිරි නදී වන දේව සුපූජිතං නමථ තුංග මුතිංගණ චේතියං. |
|
|
/ නිර්මල වූ ශීතල වූ බොහෝ මහත් වූ දිය පොකුණු පර්වත ගංගා ජලාසයන්ගෙන් බබලන සුන්දර වූ වන දෙවියන් විසින් පුදන ලද උස්වූ මුතියංගණ චෛත්‍යය මම වඳිමි. / | |
පභව කඤ්ජ රජෝහරි පිඤ්ජරං. |
||
|
/ ඇතැම් තැන්හි මෙම මුතියංගණ චෛත්‍යය වන්දනා ගාථාවේ දෙවැනි පදය මෙසේද සඳහන්ව ඇත./
|
|
|
|
|
08 |
තිස්ස මහාරාම චෛතය්යට වැඳිම. නික්ඛිත්ත සම්පුණ්ණ සසංක බිම්බ සංකාස භාසන්ත ලලාට ධාතුං ආකාරයී තිස්ස නරිස්ස රෝයං ථුපං නමේ තිස්ස මහා විහාරේ. |
|
|
/ සම්පූර්ණ චන්ද්‍ර මණ්ඩලය බඳු වූ ලලාට ධාතුව නිදන් කොට කාවන්තිස්ස රජු විසින් කරවූ තිස්ස මහා විහාරයෙහි චෛත්‍යය මම නමස්කාර කරමි. /
|
|
|
|
|
09 |
අනුරාධපුර ශ්‍රි මහා බෝධින් වහන්සේ වැඳිම. සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ සම දිට්ඨිත දක්ඛින සාඛ භවං සුභ මේඝ වනම්හර මේඝ නිහං ජය බෝධි මහං පණමාමි වරං. |
|
|
/ වන යහපත් කොට පිහිටි අනුරාධපුරයෙහි අහස්කුස මහත් මේඝයක් සේ මනාකොට මහමෙවුනා වනෝද්‍යානයෙහි පිහිටුවන ලද ජය ශ්‍රී මහා බෝධිරාජයාගේ දක්ෂිණ ශාඛාව මම වඳිමි. /
|
|
|
|
|
10 |
මිරිසවැටි චෛතය්යට වැඳිම. අභයරාජ සධාතුක කෙතුවරං සුනිධාය කතං බහුමානිතං සකලහිතං පණ මේ සදා මරිචවට්ටික චේතිය මුත්තමං. |
|
|
/දුටුගැමුණු (අභය රජු) විසින් සර්වඥ් ධාතු සහිත වූ උතුම් වූ ජය කුන්තය නිදන් කොට බඳවන ලද සියළු සත්වයාට හිත වැඩ පිණිස පවතින්නා වූ මිරිසවැටි චෛත්‍යය මම වඳිමි ./
|
|
|
|
|
11 |
රුවන් වැලි (ස්වර්ණමාලි) චෛතය්යට වැඳිම. සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං සුවණ්ණමාලීති පතීත නාමං වන්දා මහං ථුපවරං මහග්ඝං. |
|
|
/ වන සර්වඥ ධාතුන් ව හන්සේලා බුද්ධ රූපය මවා ප්රාතිහාර්ය දක්වා රුවන් මැලි සෑයෙහි සැතපුණ සේක. දුටුගැමුණු රජු විසින් කරවන ලද ස්වර්ණ මාලි යන නමින් ප්‍රකට ඒ මහාර්ඝ චෛත්‍ය රාජයාට මම වඳිමි./
|
|
|
|
|
12 |
ථුපාරාම චෛතය්යට වැඳිම. යස්මිං දක්ඛිණ මක්ඛකඤ්ච මුනිනො සම්භාසමානස්සතු ධාතුංචාපි නිධායලෝක මහිතෝ ජබ්බණ්ණ සොභාකුලේ දෙවානංපියතිස්ස භූපති වරෝ කාරේයි සද්ධා ධනෝ ථුපාරාම වරං නමාමි නමාමහං අජ්ඣායිතාං සත්ථුනෝ. |
|
|
/ දේවානම්පියතිස්ස රජතුමා විසින් බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිදන් කොට කරවූ සියලු ලෝකයා විසින් පුදනු ලැබුවා වූ (පළමුවන චෛත්‍ය වූ) ථුපාරාම චෛත්‍ය රාජයාට මම නමස්කාර කරමි. / | |
යස්මිං දක්ඛිණ මක්ඛකඤ්ච මුනිනො පත්තප්පමාණො තනු. |
||
|
/ ඇතැම් තැන්හි මෙම ථුපාරාම චෛතය්යට වන්දනා ගාථාවේ මුල් පදය මෙසේද සඳහන්ව ඇත. /
|
|
|
|
|
13 |
අභයගිරි චෛතය්යට වැඳිම. කතනව මණිකමෙම් ධාතුගබ්භේ සුරම්මේ කනක වසභ කුචජිං ධාතුනා පුරයිත්වා විහිත මභය රඤ්ඤෝ ධඤ්ඤෝ පුඤ්ඤාධිවාසෝ අභයගිරි විහරෙ චාරුථුපං නමාමි. |
|
|
/ වන කරන ලද අභිනව මාණික්‍ය කර්ම ඇති රන් වෘෂභ රාජයකුගේ කුසෙහි ධාතු පුරවා වලගම්බා මහරජු විසින් කරවන ලද අභයගිරි විහාරයෙහි චෛත්‍ය රාජයා මම නමස්කාර කරමි. / |
|
|
|
|
14 |
ජේතවනරාම චෛතය්යට වැඳිම. පතිට්ඨ පෙත්වා ජිනකාය බන්ධනං සකේස ධාතුං සහ දේහ ධාතුයෝ මහා මහාසේන නරින්ද කාරිතං සුචේතියං ජෙතවනංති විස්සුතං. |
|
|
/ බුදුරජාණන් වහන්සේගේ පටි ධාතුව කේෂ ධාතුව සහ ශාරීරික ධාතු නිදන් කොට මහසෙන් රජු විසින් කරවන ලද ජේතවන චෛත්‍යය මම වන්දනා කරමි. / | |
සුචේතියං ජෙතවන නමාමහං. |
||
|
/ ඇතැම් තැන්හි මෙම ජේතවනරාම චෛත්‍යය වන්දනා ගාථාවේ අවසන් පදය මෙසේද සඳහන්ව ඇත. / |
|
|
|
|
15 |
සේල චෛතය්යට වැඳිම. මහාදයෝ දේවගණේ ච නාගේ නුසාසයී යත්ථ ඨිතෝ මුනින්දෝ සද්ධම්ම හේමද්ධජ හා සමානං වන්දේ සිලාචේතිය මබ්භූතං තං. |
|
|
/ මහත් දයා ඇත්තා වූ මුනීන්ද්රයන් වහන්සේ යම් තැනෙක වැඩහිඳ දේව ගනයාට හා නාග සමූහ යාට අනුශාසනා කළ සේක් ද සද්ධර්මය නැමැති ස්වර්ණ ධජයෙන් බබලන්නා වූ ඒ අද්භූත වූ ශීලා චෛත්‍යය මම වන්දනා කරමි./ |
|
|
|
|
16 |
කතරගම කිරිවෙහෙරට වැඳිම. මුනින්දෝ නිසින්නෝ යහිං දේවතානං සමේතාන මග්ගං සුදේසේසි ධම්මං මහාසේන දේවස්ස සම්මානනීයං නමේ කාචරග්ගාම ථුපස්ස ඨානං. |
|
|
/ මුනීන්ද්රයන් වහන්සේ යම් තැනෙක වැඩ හිඳ දෙවියන්ට ධර්ම දේශනා කළ සේක් ද ඒ ස්ථානයෙහි මහසෙන් දිව්‍යරාජයා විසින් බඳින ලද කතරගම දෙවියන් විසින් පිදිය යුතු වූ කිරිවෙහෙර මම වන්දනා කරමි. / |
|
|
|
|
අනෙකුත් චෛතය්යන් වන්දනාව.
01 | අත්තනගලූ විහාරය වැඳිම. යස්මිං නිස්සජ්ජ භගවා සිරිසංඝබෝධි සිසප්පදාන මකරිත්‍ථ සරත්තපුතං යස්මිං අකාසි දහනං කිරි දෙහ මස්ස වන්දාමි ධාතු නිසි තෙන කතණංච ඵුපං. | |
| /./ | |
|
|
|
දඹදිව වන්දනාව.
01 |
ලුම්බිනි චෛතය්යට වැඳිම. (කපිලවස්තුපුර). මයා සුතෝ සුගත සාක්‍ය සීහ නථෝ ජතක්ඛනේස පදසා මහීචං කමිත්වා යස්මිං උදිරයි ගිරංවර ලුබ්බිණිම්හී තං ජාත චේතිය මහං සිරසා නමාමි. සාධු! සාධු!! සාධු!!! |
|
|
/./ |
|
|
|
|
02 |
ශ්‍රි මහා බෝධින් වහන්සේ වැඳිම (බුද්ධගයාව).
යස්මිං නිසජ්ජ වජිරාසන බන්ධනේන ජෙත්වා සමාසන කිලේස බලං මුනින්දො සම්බෝධි ඤාණ මමගම්ම විහාසි සම්මා තං බෝධි චේතිය මහාං සිරසා නමාමි. සාධු! සාධු!! සාධු!!!. |
|
|
/./
|
|
|
|
|
03 |
ඉසිපතනාරාම චෛතය්යට වැඳිම. (බරණැස).
සංකම්ප යුංදස සහසසිය ලෝක ධාතුං දේසේසි යත්ර භගවා වර ධම්ම චක්කං බාරාණසී පුර සමීප වනේ මීගානං තං ධම්ම චේතිය මහං සිරසා නමාමි. සාධු! සාධු!! සාධු!!!. |
|
|
/./ |
|
|
|
|
04 |
දඹදිව සැවැත්නුවර ආනන්ද බොධි වන්දනාව
සුරෝපිතං සුදත්තේන - සම්බුද්ධෙ නාපි සේවිතං ආනන්ද බොධි නමෝයං - දුමින්දං සිරසා නමේ සාධු! සාධු!! සාධු!!!. |
|
|
/./ |
|
|
|
|
දඹදිව ඡතුර් චෛතය්‍ය වන්දනාව.
යං ලුම්බිනි ජාත චෛත්යං - බොධි පල්ලඬක මුත්තමං ඉසිපතන චේතියංච - පරිනිබ්බාණ චේතියං බුද්ධ මණ්ණිතා නෙතානී - චෙතියනි නමාමහං. සාධු! සාධු!! සාධු!!!. | ||
| /./ | |
|
|
|
පූරාණ ධාතු වන්දනාව.
|
ඉධ බුජඟ සුරානාං ලෝක බ්රහ්මාන ලෝකේ
විජය තරු සහ සබ්බේ පරිබ්භෝග සත්තේ සකල තනුජ ධංථ ධාතු ආදී පිකේසේ සතත මනල සෝතේ සබ්බ ධාතුං නමාමි. සාධු! සාධු!! සාධු!!!. |
|
|
/./
|
|
|
|
|