Monday, March 23, 2015

English Lesson 21

 

01
The room is being washed. Don’t go inside.

කාමරය සෝදනවා (සෝදනු ලැබේ). ඇතුළට යන්ඩ එපා.
02
In certain big towns, letters are distributed twice a day.

සමහරක් ලොකු නගරවල දවසකට දෙසැරයක් ලියුම් බෙදනවා (බෙදනු ලැබේ.).
03
Tea and rubber are exported from Sri Lanka.

තේයි රබරුයි ලංකාවෙන් අපනයනය කරනවා.(/ අපනයනය කරනු ලැබේ.).
04
A mummoty is used to dig the ground.

උදැල්ලක් පාවිච්චි කරන්නේ (කරනු ලබන්නේ) පොලොව කොටන්ඩයි.
05
English is taught today in all our schools.

අද අපේ හැම පාසැලකම ඉංග්‍රීසි උගන්වනවා. (/ උගන්වනු ලැබේ.).
06
The film ‘Somalatha’ is being shown in our village now.

අපේ ගමේ දැන් 'සෝමලතා' චිත්‍රපටිය පෙන්නනවා (/ පෙන්වනු ලැබේ.).
07
Is your roof being repaired now?

ඔයගොල්ලන්ගේ වහල දැන් අලුත්වැඩියා කරනවාද? (/ කරනු ලැබේද?)
08
Your letter is being typed. You can take it in ten minutes.

ඔයාගේ ලියුම ටයිප් කරනවා. (/ ටයිප් කරනු ලැබේ.). තව මිනිත්තු දහයකින් ඒක ඔයාට ගන්ඩ පුලුවන්.
09
Why is he being carried? Did he break his leg?

ඇයි එයාව උස්සාගෙන යන්නේ (/ ඔසවාගෙන යනු ලබන්නේ?) එයාගේ කකුල කැඩුනාද​?
10
Butter is made from milk.

බටර් හදන්නේ (/ සාදනු ලබන්නේ) කිරිවලින්.
11
School books are now given free to school children.

පාසැල් පොත් දැන් ළමයින්ට නොමිලේ බෙදා දෙනවා. (/ බෙදා දෙනු ලැබේ.).

 

01
They are repairing the bridge now.

ඒගොල්ලෝ දැන් පාලම අලුත්වැඩියා කරනවා.
02
The bridge is being repaired now.

පාලම දැන් අලුත්වැඩියා කරනවා.
03
They are carrying the sick child to hospital.

ඒගොල්ලෝ ලෙඩ ළමයාව රෝහලට ඔසවාගෙන යනවා.
04
The sick child is being carried to hospital.

ලෙඩ ළමයාව රෝහලට ඔසවාගෙන යනවා.
05
They are digging a well in our property.

ඒගොල්ලෝ අපේ වත්තේ ලිඳක් හාරනවා.
06
A well is being dug in our property.

අපේ වත්තේ ලිඳක් හාරනවා.
07
She is blaming me for not writing to her.

ඈට නොලිවීම ගැන ඈ මට දෝස් පවරනවා.
08
I am being blamed for not writing to her.

ඈට නොලිවීම ගැන මට දෝස් පවරනවා.
09
They are holding the meeting now.

ඒගොල්ලෝ මීටිම දැන් පවත්වනවා.
10
The meeting is being held now.

මීටිම දැන් පවත්වනවා.

01
The film now being shown at the Odeon is  a Hindi one.

'ඕඩියන්' එකේ දැන් පෙන්වන චිත්‍රපටිය හින්දි එකක්.
02
All the books bought by father (Thattha) yesterday are in English.

ඊයේ තාත්තා මිළට ගත්තු (තාත්තා විසින් මිළට  ගන්නා ලද) පොත් සේරම ඉංග්‍රීසියෙන්.
03
The hopper, being baked now, is for you.

දැන් පුච්චන ආප්පය ඔයාටය.
04
The match, now being played, is not a test match.

දැන් ගහන මැච් එක, ටෙස්ට් මැච් එකක් නෙමේ.
05
Did you see the picture drawn by Sunil?

සුනිල් ඇඳපු (සුනිල් විසින් අඳින ලද) චිත්‍රය ඔයා දැක්කාද?


01
Are chairs made in this carpentry?

මේ වඩුපට්ටලේ පුටු හදනවාද​?
02
This temple (Pansala).is being built by Nanda monk (Hamuduruwo).

මේ පන්සල හදන්නේ නන්ද හාමුදුරුවෝ.
03
A lot of time is wasted in government offices.

රජයේ කන්තෝරුවල හරියට කාලය නාස්තිකරනවා.
04
Umbrellas are often left behind in buses by people.

මිනිස්සු බස්වල නිතර කුඩ දාලා යනවා.
05
Is dhal imported to Sri Lanka still?

ලංකාව තාමත් පරිප්පු ගෙන්වනවාද​?
06
In this house dogs are not given to eat at night?

මේ ගෙදර රෑට බල්ලන්ට කන්ඩ දෙන්නේ නැහැ.
07
In our house lamps are lit at 6.00 in the evening.

අපේ ගෙදර ලාම්පු පත්තු කරන්නේ සවස 6.00 ට.
08
Is dry-fish sold in this shop?

මේ කඩේ කරවල විකුණනවාද?
09
You are late. The corpse is being carried.

ඔයා පරක්කුයි. දැන් මිනිය ගෙනියනවා.
10
These days an exam is being held in our school.

මේ දවස්වල අපේ පාසැලේ විභාගයක් පවත්වනවා.
11
Is your car being repaired now?

ඔයගොල්ලන්ගේ කාර් එක දැන් රෙපයාර් කරනවාද​?
12
Our house is still being built.

අපේ ගේ තාම හදනවා.
13
How is glass made?

වීදුරු හදන්නේ කොහොමද​?
14
Coconuts are stolen everyday from our property.

අපේ වත්තෙන් හැමදාම පොල් හොරකම් කරනවා.
15
From what is chocolate made?

චොකලට් හදන්නේ මොනවාවලින්ද?

No comments:

Post a Comment