01
|
Sister
(Nangi) had eaten the whole cake before I went home.
|
|
මම
ගෙදර යන්ඩ කලින් නංගි මුලු කේක් එකම කාලා තිබුණා.
|
02
|
Until
she came to our school, Ramani had never seen the sea.
|
|
ඇය
අපේ පාසැලට එනකන්, රමණී කවදාවත් මුහුද දැකලා තිබුණේ නැහැ.
|
03
|
Mr.
Perera had repaired the car fully before he sold it to me.
|
|
ඒක
මට විකුණන්ඩ කලින්, පෙරේරා මහත්මයා කාර් එක හොඳට හදලා තිබුණා.
|
04
|
He
had never come t see me before I got my job.
|
|
මට
රස්සාව හම්බවෙන්ඩ කලින් එයා මාව කවදාවත් හම්බවෙන්ඩ ඇවිත් තිබුණේ නැහැ.
|
05
|
He
had been teaching in this school before becoming the minister of education.
|
|
අධ්‍යාපන
ඇමති වෙන්ඩ කලින්, එයා මේ පාසැලේ උගන්වමින් ඉඳලා තිබුණා.
|
06
|
When
you come from Pakistan, I will have gone to India.
|
|
ඔයා
පකිස්තානේ ඉඳලා එද්දී, මම ඉන්දියාවට ගිහිල්ලා.
|
07
|
In
two months time sister (Akka) will have finished the exam.
|
|
මාස
දෙකකින් අක්කා විභාගය ඉවර කරලා තියේවි.
|
08
|
If
father (Thattha) had sent me the money a month earlier, I would not have left
that hostel.
|
|
තාත්තා
මට මාසයකට කලින් මුදල් එවලා තිබුණා නම්, මම ඒ නේවාසිකාගාරයෙන් අයින්වෙන්නේ නැහැ.
|
09
|
He
would have come from office by now.
|
|
මෙලහකට
එයා කන්තෝරුවෙන් ඇවිල්ලා ඇති.
|
10
|
Since
he drinks everyday, he would have been drinking even in hospital.
|
|
හැමදාම
බොන හින්දා, රෝහලේදීත් එයා බිබී ඉන්ඩ ඇති.
|
11
|
On
the first of next month, I will have taught 20 years in this school.
|
|
ලබන
මාසයේ පළමුවැනිදා වෙද්දී, මම මේ පාසැලේ අවුරුදු 20 ක් උගන්නලා. (/ උගන්නලා තියේවි.).
|
12
|
Had
you gone in that bus, you too would have died.
|
|
ඒ
බස් එකේ ගිහින් තිබුණා නම් ඔයත් මැරෙනවා.
|
13
|
Don’t
ask him about the house. He would certainly have sold it by now.
|
|
ගේ
ගැන එයාගෙන් අහන්ඩ එපා. ස්ථිරයෙන්ම දැනටමත් එයා ඒක විකුණලා. (/ඇති).
|
14
|
If
you had come home yesterday, I would have given you some very tasty mangoes.
|
|
ඊයේ
ඔයා අපේ ගෙදර ආවා නම්, මම ඔයාට හුඟාක් රස අඹ වගයක් දෙනවා.
|
15
|
I
would have liked to read that book, but I could not get a copy.
|
|
මම
ඒ පොත ආශාවෙන් කියවනවා, නමුත් මට පිටපතක් හොයාගන්ඩ බැරිවුනා.
|
16
|
If
you had studied like them, you too would have been able to pass the exam like
them.
|
|
ඔයාත්
ඒගොල්ලෝ වගේ පාඩම් කරලා තිබුණා නම්, ඔයාටත් ඒගොල්ලෝ වගේ විභාගේ සමත් වෙන්ඩ තිබුණා.
|
17
|
If
my daughter had not shouted, I would have caught the robber.
|
|
මගේ
දුව කෑගැව්වේ නැත්නම්, මම හොරාව අල්ලනවා.
|
18
|
Why
is he cut up with you?
|
|
ඇයි
එයා ඔයා එක්ක අමනාප වෙලා තියෙන්නේ?
|
19
|
They
called off yesterday’s match because of the bad weather.
|
|
නරක
කාලගුණය නිසා ඊයේ මැච් එක ඒගොල්ලෝ අත්හිටෙව්වා.
|
20
|
Good
children don’t answer back to their parents.
|
|
හොඳ
ළමයි දෙමව්පියෝ එක්ක එකට එක කියන්නේ නැහැ.
|
01
|
By
next month we will have gone to the new house.
|
|
ලබන
මාසේ වෙද්දී අපි අලුත් ගෙදරට ගිහිල්ලා.
|
02
|
When
I went to the railway station, the train had gone.
|
|
මම
දුම්‍රිය පොලට යද්දී රේල්ලුව ගිහිල්ලා.
|
03
|
If
you had come yesterday, I would have gone to see the drama with you.
|
|
ඊයේ
ඔයා ආවා නම්, මම ඔයත් එක්ක නාට්‍යය බලන්ඩ යනවා.
|
04
|
Before
sister (Akka) married, Father (Thattha) had built the house.
|
|
අක්කා
බඳින්ඩ ඉස්සෙල්ලා, තාත්තා ගේ හදලා තිබුණා.
|
05
|
By
this time next week, brother (Ayya) will have come from England.
|
|
ලබන
සතියේ මේ වෙලාව වෙද්දී, අයියා එංගලන්තේ ඉඳලා ඇවිල්ලා.
|
06
|
By
tomorrow morning, I will have written the essay.
|
|
හෙට
උදේ වෙද්දී, මම රචනාව ලියලා.
|
07
|
If
the doctor hadn't come in time, brother (Mallie) would have died.
|
|
වෙද
මහත්තයා වෙලාවට නොපැමිණියානම්, මල්ලි මැරෙනවා.
|
08
|
Come
in an hour. By then my sister (Akka) will have typed your letter.
|
|
තව
පැයකින් එන්ඩ, එතකොට මගේ අක්කා ඔයාගේ ලියුම ටයිප් කරලා තියේවි.
|
09
|
Don’t
go to see Neela now. Her father (Thattha) would have come.
|
|
දැන්
නීලාව හම්බවෙන්ඩ යන්ඩ එපා. දැන් තාත්තා ඇවිල්ලා ඇති.
|
10
|
Before
he joined the police (/Before joining the police) father (Thattha) had been
teaching in this school for five years.
|
|
පොලීසියට
බැඳෙන්ඩ ඉස්සෙල්ලා තාත්තා අවුරුදු පහක් මේ ඉස්කෝලේ උගන්න උගන්න ඉඳලා තිබුණා.
|
11
|
If
Ramani had studied well, she too would have passed the exam well like us.
|
|
රමනී
හොඳට පාඩම් කළා නම්, ඈත් අපි වගේ හොඳට විභාගේ සමත් වෙනවා.
|
12
|
If
you had missed the bus, how would you have come here today?
|
|
බැරිවෙලාවත්
ඔයාට බස් එක වැරදුනා නම්, ඔයා කොහොමද අද මෙහේ එන්නේ?
|
13
|
Before
she came (Before coming) to our school, Geetha had never gone to Yala.
|
|
අපේ
පාසැලට එන්ඩ කලින් ගීතා කවදාවත් යාලට ගිහින් තිබුණේ නැහැ.
|
14
|
When
the robbers came what would uncle have being doing?
|
|
හොරු
එද්දී මාමා මොනවාද කර කර ඉන්ඩ ඇත්තේ?
|
15
|
He
would have been drinking.
|
|
එයා
බිබී ඉන්ඩ ඇති.
|
16
|
Father
(Thatthe), before I came home, mother (Amma) had been chopping fire wood for
two hours.
|
|
තාත්තේ,
මම අද ගෙදර එන්ඩ කලින් අම්මා පැය දෙකක් තිස්සේ දර පල පලා ඉඳලා තිබුණා.
|
17
|
If
you had asked me last week, I would have given you a thousand rupees. Now I
don’t have any money.
|
|
ගිය
සතියේ ඔයා මගෙන් ඉල්ලුවා නම්, මම ඔයාට රුපියල් දාහක් දෙනවා. දැන් මා ලඟ සල්ලි නැහැ.
|
18
|
Yesterday,
robbers broke into my uncle’s house.
|
|
ඊයේ
මගේ මාමාගේ ගෙදරට හොරු පැන්නා. (Break).
|
19
|
Blow
off that lamp, and go to bed (to sleep).
|
|
ඔය
ලාම්පුව නිවලා, නිදාගන්ඩ යන්ඩ. (Blow).
|
20
|
Yesterday
when I was going to school, the sole of my shoe came off.
|
|
ඊයේ
මම ඉස්කෝලේ යද්දී මගේ සපත්තුවේ අඩිය ගැලවුනා. (Come).
|
No comments:
Post a Comment