Monday, December 21, 2015

English Lesson 31



 

01
If the fire had been put out faster, less people would have died.

වඩා ඉක්මනට ගින්න නිවලා දැම්මා නම්, වඩා අඩු සෙනඟක් මැරෙනවා.
02
If the syllabus had been fully covered, the exam would have been easier.

නිර්දේශ පත්‍රය මුලුමනින්ම ඉවර කරලා තිබුණා නම්, විභාගය වඩා ලේසි වෙන්ඩ තිබුණා.
03
By 3.00 o’clock in the afternoon the letter will have been posted.

හවස 3.00 වෙන කොට ලියුම තැපැල් කරලා තියේවි.
04
Her slippers had been carried away by the dog.

බල්ලා ඇයගේ සෙරෙප්පු අරගෙන ගිහින් තිබුණා.
05
If the house had been burgled, their new television set too would have been taken away.

හොරු ගෙට පැන්නා නම්, ඒගොල්ලන්ගේ අලුත් රූපවාහිනියත් අරන් යන්ඩ ඇති.
06
The robber would have been caught by now.

හොරා මෙලහකට අහුවෙලා ඇති.
07
Don’t inquire about that house. It would have been sold by now.

ඒ ගේ ගැන අහන්ඩ එපා. ඒක දැන් විකුණලා ඇති.
08
The shop had been set on fire when the police came.

පොලිසිය එද්දී කඩේට ගිනි තියලා තිබුණා.
09
Would our teacher’s new book have been printed by now?

අපේ ගුරුතුමාගේ අලුත් පොත දැන් අච්චුගහලා තියේවිද​?
10
Their car would have been sold by now.

ඒගොල්ලන්ගේ කාර් එක දැන් විකුණලා ඇති.
11
The new house had been completed before sister’s (Akka’s) marriage.

අක්කාගේ විවාහයට ඉස්සෙල්ලා අලුත් ගේ ඉවර කරලා තිබුණා.
12
If the masons had come to work everyday, that house would have been completed three months ago.

මේසන් බාස්ලා (පෙදරේරුවො) හැමදාම වැඩට ආවා නම්, ඔය ගේ මාස තුනකට කලින් ඉවර කරලා.
13
The man who fell from the tree would have been taken to hospital by now.

ගහෙන් වැටිච්ච මිනිහාව මෙලහකට රෝහලට ගෙනියලා ඇති.
14
Had the house been decorated when you went?

ඔයා යද්දී ගේ සරසලා තිබුණාද​?
15
Yes, a big shed for the guests too had been put up.

ඔව්, අමුත්තන්ට ලොකු මඩුවකුත් ඉදිකරලා තිබුණා.



01
He has always (_____________) a generous boy.
a) Been                  b) Being         Answer is Been.

ඔහු හැම විටම ත්‍යාගශීලී පිරිමි ළමයෙක් (_____________) තියෙනවා.
a) වෙලා ඉඳලා       b) වෙමින්        Answer is වෙලා ඉඳලා.   
02
Sunil is (_____________) taught English.
a) Been                  b) Being         Answer is Being.

සුනිල් ඉංග්‍රීසි උගන් (_____________).
a) වලා තියෙනවා    b) වනවා. /වනු ලබමින් තිබේ.   
Answer is වනවා /වනු ලබමින් තිබේ
03
The flagstaff was (_____________) erected when I went to Church yesterday.
a) Been                  b) Being         Answer is Being.

මම ඊයේ පල්ලියට යද්දී, කොඩිගස ඔසව (_____________).
a) ලා තියෙනවා      b) නවා /නු ලබමින් තිබුණි.       
Answer is නවා. (/නු ලබමින් තිබුණි).
04
Our kitchen is (_____________) repaired now.
a) Been                  b) Being          Answer is Being.

අපේ මුළුතැන්ගේ දැන් අලුත්වැඩියා කර (_____________).
a) ලා තියෙනවා      b) නවා. /නු ලබමින් තිබේ.        
Answer is නවා. (/නු ලබමින් තිබේ.).
05
Why has he (_____________) sent away from the school?
a) Been                  b) Being          Answer is Been.

ඇයි ඔහු පාසලින් ඉවතට යව (_____________) ලා තියෙන්නේ?  
a) ලා                      b) මින්              Answer is ලා. 
06
The G.C.E. exam is (_____________) held these days.
a) Been                  b) Being          Answer is Being.

අ.පො.ස. විභාගය මේ දිනවල පවත්ව (_____________)
a) ලා තියෙනවා      b) නවා. /නු ලැබෙමින් තිබේ.    
Answer is නවා. (/නු ලැබෙමින් තිබේ.).
07
The teacher has (_____________) very kind to me.
a) Been                  b) Being           Answer is Been.

ගුරුවරයා මට ඉතා කරුණාවන්ත (_____________) තියෙනවා.
a) වෙලා ඉඳලා       b) වෙමින්           Answer is වෙලා ඉඳලා.
08
Has the house (_____________) robbed again?
a) Been                  b) Being                      Answer is Been.

යළිත් එම නිවස සොරුන් බිඳ(_____________)  තියෙනවාද​?
a) ලා                      b) මින්               Answer is ලා.
09
Has he (_____________) writing to you often?
a) Been                  b) Being            Answer is Been.

ඔහු බොහෝ විට ඔබට  ලිය(_____________)  තියෙනවාද​?
a) ලියා ඉඳලා          b) ලා ​                Answer is ලියා ඉඳලා.
10
The corpse was (_____________) carried when I went to the funeral house.
a) Been                  b) Being          Answer is Being.

මම අවමංගල් නිවසට යද්දීමිනිය ගෙනිය (_____________).
a) ලා තියෙනවා      b) නවා. /නු ලැබෙමින් තිබුණි.   
Answer is නවා. (/නු ලැබෙමින් තිබුණි.).

 

01
Come in an hour; then, your letter will have been typed.

තව පැයකින් එන්ඩ​, එතකොට ඔයාගේ ලියුම ටයිප් කරලා තියෙවි.
02
The road would have been repaired by now.

පාර මෙලහකට අලුත්වැඩියා කරලා ඇති.
03
When I went home, the jak tree had been cut.

මම ගෙදර යද්දී කොස් ගහ කපලා තිබුණා.
04
In a week (In a week’s time) our car will have been repaired.

තව සතියකින් අපේ කාර් එක අලුත්වැඩියා කරලා තියෙවි.
05
What would have been stolen from that house?

ඒ ගෙදරින් මොනවාද හොරකම් කරන්ඩ ඇත්තේ?
06
Their gun would have been stolen.

ඒගොල්ලන්ගේ තුවක්කුව හොරකම් කරන්ඩ ඇති.
07
If the price of petrol had not increased, the car would not have been sold.

පැට්‍රල් මිල වැඩි නූනානම්, කාර් එක විකුණන්නේ නැහැ.
08
When would Rita’s wedding have been held?

රීටාගේ මඟුල් උත්සවය පවත්වන්ඩ ඇත්තේ කවදාද?
09
It would have been held last week.

ඒක ගිය මාසේ පවත්වන්ඩ ඇති.
10
If father (Thattha) had not become sick, a bigger house than this would have been built.

තාත්තා අසනීප නූනානම් මීට වඩා ලොකු ගෙයක් හදනවා.

 

01
Before sister (Akka) married our house had been built.

අක්කා බඳින්ඩ ඉස්සෙල්ලා අපේ ගේ හදලා තිබුණා.
02
Before sister (Akka) married our house was built.

අක්කා බඳින්ඩ ඉස්සෙල්ලා අපේ ගේ හදලා.
03
When I went home, the mango tree had been cut.

මම ගෙදර යනකොට අඹ ගහ කපලා තිබුණා.
04
When I went home, the mango tree was cut.

මම ගෙදර යනකොට අඹ ගහ කපලා.
05
When I went for the funeral the body had been buried.

මම මළගෙදර යනකොට මිනිය වළලලා තිබුණා.
06
When I went for the funeral the body was buried.

මම මළගෙදර යනකොට මිනිය වළලලා.
07
When I went to the police station, he had been remanded.

මම පොලීසියට යනකොට එයාව රිමාන්ඩ් කරලා තිබුණා.
08
When I went to the police station, he was remanded.

මම පොලීසියට යනකොට එයාව රිමාන්ඩ් කරලා.
09
When I went home, the dog had been killed.

මම ගෙදර යනකොට බල්ලාව මරලා තිබුණා.
10
When I went home, the dog was killed.

මම ගෙදර යනකොට බල්ලාව මරලා.
11
When I went, the house had been painted.

මම යනකොට ගේ පින්තාරු කරලා තිබුනා.
12
When I went, the house was painted.

මම යනකොට ගේ පින්තාරු කරලා.



No comments:

Post a Comment