Monday, December 21, 2015

English Lesson 32



01
He may not have gone home by now.

එයා දැන් ගෙදර ගිහිල්ලා වෙන්ඩ පුලුවන්.
02
You should have bought that shirt. At that price it was cheap.

ඔයාට ඒ කමිසය ගන්ඩ තිබුණා. (/ ඔයා ගත යුතුව තිබුණා.). ඒ ගානට ඒක ලාභයි.
03
He must have been a very rich man to have built such a big house.

ඔය වගේ ලොකු ගෙයක් හදන්ඩ (/ හදලා තියෙන්ඩ​) එයා හුඟාක් පොහොසත් වෙලා ඉන්ඩ ඇති. (/ වෙලා හිටියා වෙන්ඩ ඕනෑ.).
04
If the exam is today you should have gone to bed early yesterday.

විභාගය අද නම්, ඊයේ ඔයා වේලාසනින් නිදා ගත යුතුව තිබුණා.
05
Sister (Akka) is late today. She must have missed the express train.

අක්කා අද පරක්කුයි. ඇයට සීඝ්‍රගාමි දුම්රිය වරදින්ඩ ඇති.
06
He must not have been paying the rent regularly. Otherwise the landlord would not have asked him to leave the house.

එයා නියමිත වේලාවට ගෙවල් කුලි නොගෙවමින් ඉන්ඩ ඇති. නැත්නම් ගෙවල් හිමියා එයාට ගෙදරින් පිටවෙන්ඩ කියන්නේ නැහැ.
07
Ajith couldn't have killed the snake. He is afraid of even wall lizards.

අජිත් සර්පයාව මැරුවා වෙන්ඩ බැහැ. එයා හූනන්ටත් භයයි.
08
Could your little sister (Nangi) have written that letter herself?

ඔයාගේ පොඩි නංගීම ඒ ලියුම ලිව්වා වෙන්ඩ පුලුවන්ද?
09
Her eyes are red. She must have been crying.

ඇගේ ඇස් රතුයි. ඈ අඬ අඬා ඉඳලා තියෙනවා වෙන්ඩ ඕනෑ.
10
Such a little boy should not have given so much money.

ඔච්චර කුඩා ළමයෙකුට ඔච්චර ලොකු මුදලක් නොදිය යුතුව තිබුණා.
11
Their car couldn’t have been stolen. They have no car.

ඒගොල්ලන්ගේ කාර් එක හොරකම් කරලා වෙන්ඩ බැහැ. ඒගොල්ලන්ට කාර් එකක් නැහැ.
12
Our postman should have been given a better bicycle.

අපේ තැපැල්කාරයාට ඔයට වඩා හොඳ බයිසිකලයක් දිය යුතුව තිබුණා.
13
This book should have been returned to the library last week.

මේ පොත පුස්ත්කාලයට නැවත භාර දියයුතුව තිබුණේ ගිය සතියේ.
14
He is very foolish to have sold that house.

ඒ ගේ විකුණන්ඩ එයා හරි මොඩයි.
15
You should have replied to that letter at once.

ඒ ලියුමට ඔයා එකපාරම පිළිතුරක් යැවිය යුතුව තිබුණා.

01
His father (_____________) last week.
a) Killed                b) Died                        c) Dead           Answer is Died.

ඔහුගේ පියා ගිය සතියේ (_____________).
a) මැරුවා               b) මැරුණා                   c) මැරිලා          Answer is මැරුණා.     
02
He works hard for a (_____________).
a) Life                   b) Living                                             Answer is Living.

ඔහු (_____________) සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරයි.
a) ජීවිතය                b) ජීවිකාව                                            Answer is ජීවිකාව.
03
The drought (_____________) all my flower-plants.
a) Died                  b) Killed                      c) Dead           Answer is Killed.

නියඟය මගේ සියලු මල්පැළ  (_____________).
a) මැරුණා              b) මැරුවා                     c) මැරිලා          Answer is මැරුවා.
04
Didn’t they find the (_____________) body yet?
a) Died                  b) Dead                       c) Death          Answer is Dead.

එගොල්ලො තවමත් (_____________) සිරුර සොයා ගෙන නැද්ද?
a) මැරුණා              b) මළ/ මැරුණු            c) මරණය         Answer is මළ/ මැරුණු.
05
Nobody can escape (_____________).
a) Dead                 b) Dying                      c) Death          Answer is Death.

කවුරුවත් (_____________) බේරෙන්න බෑ.
a) මැරිලා                b) මරනාසන්න             c) මරණයෙන්   Answer is මරණයෙන්.           
06
Where does he (_____________).
a) Alive                 b) Live                         c) Living          Answer is Live.

ඔහු (_____________) කොහේද?
a) ජීවතුන් අතර       b) ජීවත් වෙන්නේ        c) ජීවිකාව        Answer is ජීවත් වෙන්නේ.
07
I always like to read the (_____________) of great men.
a) Living                b) Alive                       c) Lives           Answer is Lives.

මම හැම විටම ශ්රේෂ්ඨ මිනිසුන්ගෙ  (_____________) කියවීමට කැමතියි.
a) ජීවිකාව              b) ජීවතුන් අතර             c) චරිත ගැන     Answer is චරිත ගැන.
08
The dog is still (_____________).
a) Dead                 b) Alive                       c) Life             Answer is Alive.

බල්ලා තාමත් (_____________).
a) මැරිලා                b) ජීවතුන් අතර           c) ජීවිතය​          Answer is ජීවතුන් අතර.
09
The (_____________) man asked the nurse for some water.
a) Died                  b) Dead                       c) Dying          Answer is Dying.

(_____________) මිනිසා ජලය ටිකක් හෙදියගෙන් ඉල්ලා සිටියේය.
a) මැරුණා              b) මැරුණු                     c) මරනාසන්න Answer is මරනාසන්න.
10
Good soldiers do not fear (_____________).
a) Dead                 b) Death                      c) Living          Answer is Death.

හොඳ සෙබළු (_____________) බය නැහැ.
a) මැරිලා                b) මරණයට​                  c) ජීවිකාව        Answer is මරණයට​.

01
He may not have gone home still (yet).

එයා තාම ගෙදර ගිහිල්ලා නොවෙන්ඩ පුලුවන්. (May).
02
Anil should have given Sunil the money (given the money to Sunil).

අනිල්ට තිබුණා සුනිල්ට සල්ලි දෙන්ඩ​. (Should).
03
You shouldn't have told her that.

ඒක ඔයා ඈට නොකියා ඉන්ඩ තිබුණා. (Should).
04
He couldn't have gone to an English school. He can't speak English.

එයා ඉංග්‍රීසි පාසැලකට ගිහින් තියෙනවා වෙන්ඩ බැහැ. එයාට ඉංග්‍රීසි කථා කරන්ඩ බැහැ. (Could).
05
Her eyes are red. Could she have been crying?

ඇගේ ඇස් රතුයි. ඈ අඬ අඬා හිටියා වෙන්ඩ පුලුවන්ද? (Could).
06
Ajith has failed the exam. He must not have studied.

අජිත් විභාගේ අසමත් වෙලා. එයා පාඩම් නොකරන්ඩ ඇති. (Must).
07
Mr. Perera must have built this house last year.

පෙරේරා මහත්මයා මේ ගේ ගිය අවුරුද්දේ හැදුවා වෙන්ඩ ඕනෑ. (Must).
08
He ought to have taken medicine at once for that sickness.

එයාට ඒ ලෙඩේට එකපාරම බේත් ගන්ඩ තිබුණා. (Ought).
09
Ranjit hasn't written the essay. He may have been watching television the whole day, yesterday.

රංජිත් රචනාව ලියලා නැහැ. එයා ඊයේ මුලු දවසේම ටෙලිවිෂන් බල බලා ඉන්ඩ ඇති. (May).
10
You could have bought two motor cycles at that price.

ඔයාට ඒ ගානට මෝටර් සයිකල් දෙකක් ගන්ඩ තිබුණා. (Could).
  
01
This table should have been put in the other room.

මේ මේසය අනිත් කාමරේ දාන්ඩ තිබුණා. (Should).
02
The wrong medicine may have been taken by him.

එයා වැරදි බෙහෙත බොන්න ඇති. (May).
03
This building is a new one. It may have been built last year.

මේ ගොඩනැගිල්ල අලුත් එකක්, ඒක ගිය අවුරුද්දේ හැදුවා වෙන්ඩ පුලුවන්. (May).
04
Mother (Amma) ought to have been taken to hospital yesterday.

අම්මාව ඊයේ රෝහලට ගෙනියන්ඩ තිබුණා. (Ought).
05
Our house should have been repaired ten years ago.

අපේ ගේ අලුත්වැඩියා කළ යුතුව තිබුණේ අවුරුදු දහයකට කලින්. (Should).


No comments:

Post a Comment