Thursday, April 2, 2015

English Lesson 28

  

01
Geetha says that her brother was sick last week.

ගීතා කියනවා ඇගේ සහෝදරයා ගිය සතියේ අසනීප වෙලා හිටියා කියලා.
02
Krishna said that he would give ‘Masala Vade’ to all of us n his birthday.

ක්‍රිෂ්ණා කිව්වා එයාගේ උපන්දිනේට එයා අපි සේරටම මසල වඩේ දෙනවා කියලා.
03
Did the teacher tell us to bring the essay tomorrow?

රචනාව හෙට ගේන්ඩ කියලා ගුරුතුමා අපට කිව්වාද​?
04
Ajith’s classmates told him that he was the best singer in the class.

පංතියේ හොඳම ගායකයා එයයි කියලා අජිත්ගේ පංතියේ අය එයාට කිව්වා.
05
I don’t think that brother (Ayya) will come home tomorrow.

අයියා හෙට ගෙදර එයි කියලා මම හිතන්නේ නැහැ.
06
I thought that you were sick.

මං හිතුවා ඔයාට අසනීපයි කියලා.
07
Mother (Amma) asked me not to go for the film today.

අද චිත්‍රපටියට යන්ඩ එපා කියලා අම්මා මට කිව්වා.
08
Did you inform the teacher that I would not (wouldn't) come to school tomorrow?

මම හෙට ඉස්කෝලේ එන්නේ නැහැ කියලා ඔයා ගුරුතුමාට කිව්වාද​?
09
Did Marry say that she had a headache?

ඈට හිසේ කැක්කුමක් තියෙනවා කියලා මේරි කිව්වාද​?
10
Ismail said that he had to go to the mosque today.

ඉස්මායිල් කිව්වා එයාට අද මුස්ලිම් පල්ලියට යන්ඩ තියෙනවා කියලා.
11
Lalitha said that she had never played volley ball.

ලලිතා කිව්වා එයා කවදාවත් වොලිබෝල් ගහලා නැහැ කියලා.
12
Kusuma foolishly thinks that she will never be able to speak English.

කුසුමා මෝඩ ලෙස හිතනවා එයාට කවදාවත් ඉංග්‍රීසි කථාකරන්ඩ පුලුවන් වෙන්නේ නැහැ කියලා.
13
The teacher told us to write the essay at once.

රචනාව එක පාරම ලියන්ඩ කියලා ගුරුතුමා අපට කිව්වා.
14
Sumana is afraid that she may not pass the exam.

ඈ විභාගේ පාස්නොවෙයි කියලා සුමනාට භයයි.
15
The doctor told Bandaiya not to drink ‘Kassippu’.

කසිප්පු බොන්ඩ එපා කියලා වෙදමහත්තයා බණ්ඩයියාට කිව්වා.
16
The teacher asked the students to stop talking.

කථාකරන්ඩ එපා කියලා ගුරුතුමා ශිෂ්‍යයින්ට කිව්වා.
17
My mother asked me to come home before lunch.

අම්මා මට කිව්වා දවල් කෑමට පෙර ගෙදර එන්ඩ කියලා.
18
Where must I get off the bus to come to your house?

ඔයගොල්ලන්ගේ ගෙදරට එන්ඩ මම කොහේදීද බස් එකෙන් බහින්ඩ ඕනෑ?
19
Has your brother (Mallie) got through the exam this time?

මේ සැරේ ඔයාගේ මල්ලී විභාගෙන් පාස්වෙලාද​?
20
Mother (Amma) drinks about ten cups of tea a day. She can’t do without it.

අම්මා දවසකට තේ කෝප්ප දහයක් විතර බොනවා. ඈට එහෙම නොකර ඉන්ඩ බැහැ. (/ ඈට ඒක නවත්තන්ඩ බැහැ.).

  
01
Fatima: I can't go to school today.

පාතිමා: මට අද පාසැලට යන්ඩ බැහැ.
02
The Fatima says that she cannot go to school today.

පාතිමා කියනවා ඈට අද පාසැලට යන්ඩ බැහැ කියලා.
03
The Fatima said that she could not go to school today.

පාතිමා කිව්වා ඈට අද පාසැලට යන්ඩ බැහැ කියලා.
04
Bandu: I am going to see the match today.

බන්දු: මම අද මැච් එක බලන්ඩ යනවා.
05
The Bandu says that he is going to see the match today.

බන්දු කියනවා එයා අද මැච් එක බලන්ඩ යනවා කියලා.
06
The Bandu said that he was going to see the match today.

බන්දු කිව්වා එයා අද මැච් එක බලන්ඩ යනවා කියලා.
07
Anandan: We are going to Kataragama tomorrow.

ආනන්දන්: අපි හෙට කතරගම යනවා.
08
The Anandan says that they are going to Kataragama tomorrow.

ආනන්දන් කියනවා ඒගොල්ලෝ හෙට කතරගම යනවා කියලා.
09
The Anandan said that they were going to Kataragama tomorrow.

ආනන්දන් කිව්වා ඒගොල්ලෝ හෙට කතරගම කියලා.
10
Father (Thattha): Come home before six.

තාත්තා: හයට ඉස්සෙල්ලා ගෙදර එන්ඩ.
11
The Father (Thattha) is telling (asking) me to come home before six.

තාත්තා කියනවා මට හයට ඉස්සෙල්ලා ගෙදර එන්ඩ කියලා.
12
The Father (Thattha) told me to come home before six.

තාත්තා කිව්වා මට හයට ඉස්සෙල්ලා ගෙදර එන්ඩ කියලා.
13
Neeta: Come for my birthday party.

නීටා: ඔයා මගේ උපන්දින උත්සවයට එන්ඩ.
14
The teacher is asking (telling) me to come for her birthday party.

නීටා කියනවා මට එයාගේ උපන්දින උත්සවයට එන්ඩ කියලා.
15
The teacher asked (told) me to come for her birthday party.

නීටා කිව්වා මට එයාගේ උපන්දින උත්සවයට එන්ඩ කියලා.
16
Mother (Amma): Don't play today.

අම්මා: අද සෙල්ලම් කරන්ඩ එපා.
17
The Mother (Amma) is telling (asking) me not to play today.

අම්මා කියනවා මට අද සෙල්ලම් කරන්ඩ එපා කියලා.
18
The Mother (Amma) told (asked) me not to play today.

අම්මා කිව්වා මට අද සෙල්ලම් කරන්ඩ එපා කියලා.
19
Geetha: I may not come to school tomorrow.

ගීතා: මම හෙට ඉස්කෝලේ නොඑන්ඩ පුලුවන්.
20
The Geetha says that she may not come to school tomorrow.

ගීතා කියනවා ඈ හෙට ඉස්කෝලේ නොඑන්ඩ පුලුවන් කියලා.
21
The Geetha said that she might not come to school tomorrow.

ගීතා කිව්වා ඈ හෙට ඉස්කෝලේ නොඑන්ඩ පුලුවන් කියලා.
22
Sujatha: Don't give this book to anybody.

සුජාතා: මේ පොත කාටවත් දෙන්ඩ එපා.
23
The Sujatha is telling (asking) me not to give this book to anybody.

සුජාතා කියනවා මේ පොත කාටවත් දෙන්ඩ එපා කියලා.
24
The Sujatha told (asked) me not to give this book to anybody.

සුජාතා කිව්වා මේ පොත කාටවත් දෙන්ඩ එපා කියලා.
25
Kamal: Yesterday my father (Thattha) scolded me.

කමල්: ඊයේ මගේ තාත්තා මට බැන්නා.
26
The Kamal says (is telling me) that his father (Thattha) scolded him.

කමල් කියනවා ඊයේ එයාගේ තාත්තා එයාට බැන්නා කියලා.
27
The Kamal said (told me) that his father (Thattha) scolded (had scolded) him.

කමල් කිව්වා ඊයේ එයාගේ තාත්තා එයාට බැන්නා කියලා.
28
Teacher: You can go home early.

ටීචර්: ඔයගොල්ලන්ට අද වේලාසනින් ගෙදර යන්ඩ පුලුවන්.
29
The teacher says that we can go home early today.

ටීචර් කියනවා අද අපට වේලාසනින් ගෙදර යන්ඩ පුලුවන් කියලා.
30
The teacher said that we would go home early today.

ටීචර් කිව්වා අද අපට වේලාසනින් ගෙදර යන්ඩ පුලුවන් කියලා.


01
Is it true that Sunil’s father is in hospital?

සුනිල්ගේ තාත්තා ඉස්පිරිතාලෙයි කියන එක ඇත්තද​?
02
It is lie that Kamani has passed the exam.

කමනි විභාගෙන් පාස්වෙලයි කියන එක බොරුවක්.
03
I heard that you bought a car.

ඔයා කාර් එකක් ගත්තයි කියලා මට ආරංචි වුනා.
04
Why did you give up the idea of going abroad?

ඔයා රට යෑමේ අදහස අත්හැරියේ ඇයි. (Give).
05
Next time when I come to Kandy, I will drop in at your place.

ලබන සැරේ නුවර ආපුවාහම මම ඔයගොල්ලන්ගේ දිහවේ ගොඩවෙලා යන්ඩ එන්නම්. (Drop).
06
At what time does your father (Thattha) get up in the morning?

කීයටද ඔයාගේ තාත්තා උදේට නැගිටින්නේ. (Get).

No comments:

Post a Comment