නොමිලේ බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.
සංඝ රත්නය වැඳිම.
සඟ ගුණ සිහි කිරීම.
සුපටි පන්නො භගවතෝ සාවක සංඝෝ, උජුපටි පන්නො භගවතෝ සාවක සංඝෝ, ඤාය පටිපන්නො භගවතෝ සාවක සංඝෝ, සාමිචි පටිපන්නො භගවතෝ සාවක සංඝෝ, යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා, ඒස භගවතෝ සාවක සංඝෝ, ආහුණෙයේයා, පාහුණෙයේයා, දක්ඛිණෙයේයා, අඤ්ජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා'ති. | ||
/භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය සංඝයා වහන්සේ සුපටිපන්න නම් වන සේක, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය සංඝයා වහන්සේ උජුපටිපන්න නම් වන සේක, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය සංඝයා වහන්සේ ඤාය පටිපන්න නම් වන සේක, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය සංඝයා වහන්සේ සාමීචිපටිපන්න නම් වන සේක, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය සංඝයා වහන්සේ මාර්ග-ඵ්ල යුගල වශයෙන් හතරක්ද (4) වන අතර මාර්ග-ඵ්ල පුද්ගල වශයෙන් අට දෙනෙක් (8) වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය සංඝයාවහන්සේ ආහුණෙයේය නම් වන සේක, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය සංඝයා වහන්සේ පාහුණෙයේය නම් වන සේක, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය සංඝයා වහන්සේ දක්ඛිණෙයේය නම් වන සේක, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය සංඝයා වහන්සේ අඤ්ජලිකරණීය නම් වන සේක, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය සංඝයා වහන්සේ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස නම් වන සේක. ලොවට උතුම් පින්කෙත නම් වන සේක. වන සේක./ |
සංඝ රත්නය සරණ යාම.
01 | සංඝං ජිවිත පරියන්තං සරණං ගච්ඡාමි. | |
/ජීවිතාන්තය දක්වා මම සංඝ රත්නය සරණ යමි./ | ||
02 | යේච සංඝා අතීතා ච - යේච සංඝා අනාගතා පච්චුප්පන්නා ච යේ සංඝා - අහං වන්දාමි සබ්බදා. | |
/අතීත කාලයෙහි යම් ආර්ය සංඝයා වහන්සේ නමක් වීද, අනාගත කාලයෙහි යම් ආර්ය සංඝයා වහන්සේ නමක් ඇතිවන්නාහුද, දැන් මේ කාලයෙහි යම් ආර්ය සංඝයා වහන්සේ නමක් වේද, ඒ සියළු ආර්ය සංඝයා වහන්සේලාට මම හැම කල්හිම වන්දනා කරමි./ | ||
03 | නත්ථී මේ සරණං අඤ්ඤං - සංඝෝ මේ සරණං වරං ඒතේන සචච්ච් වජ්ජේන - හෝතු මේ ජයමංගලං. | |
/ සසර දුකින් මිදීමට මට අන් කිසි සරණක් නැත. සංඝ රත්නයම මට ඉතා උතුම් පිහිට වේ. මේ සත්‍ය වචනයේ බලයෙන් මට ජය මංගල්‍යයක්ම වේවා. යහපතක් ම වේවා./ | ||
04 | උත්තමංගේන වන්දේහං - සංඝෝ යෝ ඛලිතෝ දෝසෝ - සංඝෝ ඛමතු තං මමං. | |
/උත්තම වූ ආර්ය සංඝ රත්නයට මාගේ හිස නමා කායාදී තිදොරින් වඳිමි. ආර්ය සංඝ රත්නය කෙරෙහි මා අතින් කිසියම් වරදක් වී නම් සංඝ රත්නය ඒ හැම වරදකට ම මට කමාකරන සේක්වා./ | ||
05 | සංඝෝති වචනං සෙට්ඨං - සංඝෝති පද මුත්තමං නත්ථී තේන සමං ලෝකේ - අඤ්ඤංසෝත රසායනෝ | |
/සංඝ යන වචනය ශ්‍රේෂ්ඨය. සංඝ යන පදය උතුම්ය. ඒ හා සමානවන වෙනත් යමක් ලොව නැත. මිහිරි වෙනත් දෙයක් නැත./ |
සංඝ රත්නය වැඳිම.
නමාමි සංඝං මුනිරාජ සාවකං සත්තා සදා හොන්තු සුඛී අවේරා, කායෝ ඡිගුච්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහඤ්ච. | ||
/බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය සංඝයා වහන්සේට මම වඳිමි. සත්වයෝ සැම කල්හිම සැප ඇත්තෝ වෙත්වා. වෛර නැත්තෝ වෙත්වා, සර්වප්‍රකාරයෙන්ම පිළිකුල් සහගත වූ මේ කයම දුර්ගන්ධය. සියල්ලෝම මරණයට යෙති. මමද ඒසේ මරණයට යෙමි./ |
සම්පාදනය හේ.දි. කමන්ත දිල්මිණ.
01 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය සහිතව
පිටු අංක 01
පිටු අංක 02
පිටු අංක 03
02 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය රහිතව
පිටු අංක 01
No comments:
Post a Comment