නොමිලේ බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.
බුදු ගුණ මෙනෙහි කිරීම.
මගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ කෙළෙසුන් කෙරෙන් දුරු වූ සේක. කෙළෙස් සතුරන් නැති කළ සේක. සියලු පාපයන්ගෙන් මීදුනු සේක. රහසින්වත් පවු නොකළ සේක. සියලු ලෝ වැසියන්ගේ ආමිස පුජා ප්රතිපත්ති පුජා සියල්ලටම සුදුසුවන සේක.
බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව මහා ආශ්චය්යර්-ය. පාරමී පුරණ සමයේ අඹුදරුවන් දන්දුන් සේක. බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය මහා ආශ්චය්යර්-ය. කෝටියක් මව්වරුන්ගේ කෝටියක් හා පියවරුන්ගේ කරුණා ගුණය එක පිඬක් කළ ද බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට උපමා කළ නොහැක.
මෙසේ අනන්ත වූ, අප්රමාණ ගුණ ඇත්තා වූ, අසම වූ, අසමසමවූ, දෙවියන්ට දෙවි වූ, මටම ස්වාමී වූ, මගේම බුදුමෑණියන් වූ, මගේම බුදුපියාණන් වූ, මොහඳුරට ළහිරු මඬලක් වූ, කෙළෙස් ගින්නට මහා මේඝයක් වූ, ගමනින් ශාන්ත වූ, පැවැත්මෙන් සංවර වූ, අනාථ නාථ වූ, අසරණ සරණ වූ, අග්ර දක්ෂිණෙය්ය වූ, බුදුරජාණන් වහන්සේට මේ සියලු පුජාවෝ නිර්වාණ ශාන්තිය පතා සංසාර දුකින් අත් මිදීම පතා පුජා කරමි. පුජා වෙත්වා! පුජා වෙත්වා!! පුජා වෙත්වා!!!
වේවා.
සම්පාදනය හේ.දි. කමන්ත දිල්මිණ.
No comments:
Post a Comment