Sunday, April 9, 2023

ධර්ම දානය - ධම්ම රත්නය වැඳිම.

නොමිලේ බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.


ධම්ම රත්නය වැඳිම.


දහම් ගුණ සිහි කිරීම.




ස්වාක්ඛාතො භගවතො ධම්මො සන්දිට්ඨිකො, අකාලිකො, ඒහි පස්සිකො, ඔඅපනයිකො, පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහී'ති.










/භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ශ්‍රී සද්ධර්මය මැනැවින් දේශනා කරන ලද්දේය. එබැවින් ස්වාක්ඛාත වන්නේය. මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි බැවින් මේ ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨික වන්නේය. ඕනෑම කාලයකදී අවබෝධ කළ හැකි බැවින් මේ ශ්‍රී සද්ධර්මය අකාලික වන්නේය. ඇවිත් බලන්න යැයි කිව හකි බැවින් ඒහි පස්සික වන්නේය. තමා තුළට පමුණුවා ගත යුතු බැවින් ඕපනයික වන්නේය. බුද්ධිමත් මිනිසුන් විසින් තම නැණ පමණින් අවබෝධ කර ගත යුතු බැවින් පච්චත්තංවේදිතබ්බෝ විඤ්ඤුහී වන්නේය./

දහම් සරණ යාම.

01
ධම්මං ජිවිත පරියන්තං සරණං ගච්ඡාමි.


/ජීවිතාන්තය දක්වා මම ධම්ම රත්නය සරණ යමි./



02

යේච ධම්මා අතීතා ච            - යේච ධම්මා අනාගතා
පච්චුප්පන්නා ච යේ ධම්මා    - අහං වන්දාමි සබ්බදා.










/අතීත කාලයෙහි යම් සපරියාප්තික නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයක්වීද, මතු එන අනාගත කාලයෙහි යම් සපරියාප්තික නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයක් ඇතිවන්නේද, මේ වත්මන් කාලයෙහි යම් සපරියාප්තික නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයක්වෙත් ද, ඒ සියළුම දසවිධ ධර්මයන්  මම හැම කල්හිම වන්දනා කරමි./



03

නත්ථී මේ සරණං අඤ්ඤං    - ධම්මෝ මේ සරණං වරං
ඒතේන සචච්ච් වජ්ජේන      - හෝතු මේ ජයමංගලං.








/ සසර දුකින් මිදීමට මට අන් කිසි සරණක් නැත. ධම්ම රත්නයම මට ඉතා උතුම් සරණ වේ. මේ සත්‍ය වචනයේ බලයෙන් මට ජය මංගල්‍යයක්ම වේවා. යහපතක් ම වේවා./



04

උත්තමංගේන වන්දේහං             - ධම්මං ච තිවිධං වරං
ධම්මෝ යෝ ඛලිතෝ දෝසෝ    - ධම්මෝ ඛමතු තං මමං.








/උත්තම වූ ශ්‍රී සද්ධර්මය, මාගේ කායාදී තිදොරින් නමදිමි. ශ්‍රී සද්ධර්මය කෙරෙහි මා අතින් කිසියම් වරදක් වී නම් ධර්ම රත්නය ඒ හැම වරදකට ම මට සමාවන සේක්වා./



05

ධම්මෝති වචනං සෙට්ඨං     - ධම්මෝති  පද මුත්තමං
නත්ථී තේන සමං ලෝකේ   - අඤ්ඤංසෝත රසායනෝ






/ධම්ම යන වචනය ශ්‍රේෂ්ඨය. ධම්ම යන පදය උතුම්ය. ඒ හා සමානවන වෙනත් යමක් ලොව නැත. මිහිරි වෙනත් දෙයක් නැත./

දහම් වැඳිම.





නමාමි ධම්මං සුගතේන දේසි තං
සත්තා සදා හොන්තු සුඛී අවේරා,
කායෝ ඡිගුච්ජෝ සකලෝ දුගන්ධෝ
ගච්ඡන්ති සබ්බේ මරණං අහඤ්ච.












/සුන්දර වූ යහපත් වූ ගමන් ඇති සුගත වූ තථාගතයාණන් වහන්සේ විසින් දෙසා වදාරණ ලද්දා වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මම වඳිමි. සත්වයෝ සැම කල්හිම සැප ඇත්තෝ වෙත්වා. වෛර නැත්තෝ වෙත්වා, සර්වප්‍රකාරයෙන්ම පිළිකුල් සහගත වූ මේ කයම දුර්ගන්ධය. සියල්ලෝම මරණයට යෙති. මමද ඒසේ මරණයට යෙමි./

සම්පාදනය හේ.දිකමන්ත දිල්මිණ.
         
01 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය සහිතව
          පිටු අංක 01



          පිටු අංක 02




02 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය රහිතව
          පිටු අංක 01






   

No comments:

Post a Comment