Sunday, April 30, 2023

ධර්ම දානය - බුද්ධ පුජා පැවැත්වීම.

නොමිලේ බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.


බුද්ධ පුජා පැවැත්වීම.


පුජා අරාධනාව.

01
නිවේදයාමි සම්බුද්ධං - වීතරාගං මහාමුනිං
නිමන්තයාමි සුගතං - ලෝකජෙට්ඨං නරාසභං.


/ලෝක ශ්‍රේෂ්ඨ වූ නරෝත්තම වූ සුගත තථාගත වූ රාගාදී කෙළෙස් පහ කළා වූ මහා මුනීන්ද්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්ස ඔබ වහන්සේට ආරාධනා කරමි./



02
යේ යාවතා භගවා ලෝකේ - තිට්ඨෙය්යතව සාසනං
තාවතා පතිගණ්හාතු - පුජා ලෝකානුකම්පයා.


/ස්වාමීනි, භග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ ශාසනය යම්තාක් කල් පවතින්නේ ද ඒතාක් කල් සියළු ලෝ වැස්සන් කෙරෙහි අනුකම්පා කොට මේ පූජාවන් පිළිගෙන වදාරණ සේක්වා./

පහන් පුජා කිරීම.

01

ධම්මං වේනෙය්‍ය හදයේ මෝහ - තමොක්ඛන්ධ වේනෝදකං
දීපේන තේන පූජේමි - පඤ්ඤා දීප දරං ජිනං.


/./



02

සද්ධාය සම්පදිත්තේන - දීපේන තම දන් සිනා
තිලොකදීපං සම්බුධං - පූජයාමි තමො නූදං.


/./



03

ඝන සාරප්ප දිත්තේන - දීපේන තම දන් සිනා
තිලොකදීපං සම්බුධං - පූජයාමි තමො නූදං.








/තෙලෙන් ඇවුළුනාවු අන්ධකාරය දුරු කරන්නා වූ මේ පහන් අලෝකයෙන්, තුන් ලොවට මනා පහන් කණුවක් බඳු වූ මෝහාන්ධකාරය දුරුකරන ලද සම්මා සම්බුදු රජාණන් වහන්සේ පුදමි./

සුවඳ දුම් පුජාව.


ගන්ධ සම්භාර යුත්තේන - ධූපේනාහං සුගන්ධිනා
පූජයේ පුජනීයං තං - පුජා භාජන මුත්තමං.


/නොයෙක් සුගන්ධෝපකරණයන්ගෙන් යුක්ත වූ මෙම සුවඳ දුමින් පූජාවට භාජන වූ පරම පුජ්‍ය වූ උතුම් වූ බුදුරජාණන් වහන්සේ පුදමි./

සුවඳ පුජාව.


සුගන්ධිකාය වදනං - අනන්ත ගුණ ගන්ධිනං
සුගන්ධිනාහං ගන්ධෙන - පුජයාමි තථාගතං
.


/සුගන්ධවත් වූ ශ්‍රී ශරීරයක් හා ශ්‍රී මුඛයක් ද ඇත්තා වූ අනන්ත වූ ගුණ සුවඳින් සුවඳවත් වූ තථාගත බුදුරජාණන් වහන්සේ මෙම සුවඳින් පූජා කරමි, පූජා වේවා./

මල්වලට පැන් ඉසිම.


සිඤ්චිතං සුද්ධ මුදකං - පුප්පං වණ්ණ ගුණං යුතං
සම්බුද්ධම්හි පුජෙමි - භවෙය්‍ය තෙනහං සුඛි.


/./

ගසේ තිබියදී මල් පුජාව.


කුසුමං ඵුල්ලිතං එතං - පග්ගහෙත්වාන අක්දජලිං
බුද්ධ සෙට්ඨං සරිත්වාන - ආකාසෙ මපි පුජයේ.


/බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිිකොට දැත් ඇතැගිලි බැඳ මේ පිපුණු මල ආකාශයෙහි දීම පූජා කරමි./

මල් පුජා කිරීම.

01

අනන්ත ගුණ වණ්ණස්ස - සුද්ධ ශීල සුගන්ධිතො
පූජෙමි ලෝක නාතස්ස - ඵුප්ප මෙතං මනෝරමං.


/වර්ණයෙන් ගන්ධයෙන් (සුවඳින්) හා ගුණයෙන් යුක්ත වූ මේ පුෂ්ප සමුහය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයට පූජා කරමි./



02

වණ්න ගන්ධ ගුණෝ පේතං - ඒතං කුසුම සන්තතිං
පූජයාමි මුනින්දස්ස - සිරිපාද සරෝ රුහෙ.


/මම මේ කුසුමින් බුදුරජාණන් වහන්සේට පුජා කරමි. මේ පිනෙන් මට නිවන් සුව ලැබේවා. මේ මල් පරවෙන්නාසේ මගේ ශරීරයද විනාශයට පත් වන්නේය./



03



පුජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤේන මේ තේන ලභාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉදං මේ
කයෝ තථා යාති විනාස භාවං.








/මම මේ කුසුමින් බුදුරජාණන් වහන්සේට පුජා කරමි. මේ පිනෙන් මට නිවන් සුව ලැබේවා. මේ මල් පරවෙන්නාසේ මගේ ශරීරයද විනාශයට පත් වන්නේය./

ත්‍රි ලක්ෂණ සහිත මල් පූජාව.

01


නිරෝධ සම්පත්තෝ උට්ඨභිත්වා වීය නිසින්නස්ස
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස පාදම්බුජං
ඉමිනා පුප්පේන පූජේමි, පූජේමි, පූජේමි.


/නිරෝධ සමාප්ති සුවයෙන් පිබිදුණු මොහොතෙහි මෛත්‍රී කරුණාවෙන් ඔපවත්ව ප්‍රබෝධමත්ව බැබලුණු මුහුණින් යුතුව ශාන්ති නායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙම පිබිදුණු කුසුමින් පූජා කරමි, පූජා කරමි, පූජා කරමි./



02

ඉදං පුප්ඵ පූජං බුද්ධ පචිචේක බුද්ධ අග්ග සාවක මහා සාවක අරහාන්තානං සභාව සීලං අහම්පි තේසං අනුවත්තකෝ හෝමි.


/ලොව්තුරා බුදුවරුන් වහන්සේලා කුසුම් පූජා කරති. පසේ බුදුවරුන් වහන්සේලා කුසුම් පූජා කරති. අරහත් මහ රහතුන් වහන්සේලා ද කුසුම් පූජා කරති. මම ද එලෙසින්ම මේ පිපි කුසුම් පූජා කරමි./



03


ඉදං පුප්ඵං ඉදානි වණ්ණෝ නපි සුවන්ණං ගන්ධේනපි
සුඝන්ධං ඝණ්ඨානේනපි සුඝණ්ධානං ඛිප්පමේව දුබ්බණ්ණං දුග්ගන්ධං දුස්සණඨානං අනිච්චතං පාපුර්ණස්සති.


/මේ මල් දැන් හොඳ පැහැපත් ය. මේ මල් දැන් හොඳ සුවඳින් ඉතා සුවඳවත් ය. මේ මල් දැන් හොඳ පෙනුමෙන් ඉතා පෙනුම ඇත. එනමුදු මොහොතකින් මැලවී දුගඳ හමා වැනසෙයි./



04

ඒව මේව සබ්බේ සංඛාරා අනිච්ඡා සබ්බේ සංඛාජරා දුක්ඛා සබ්බේ ධම්මා අනන්තානි.


/ලොව ඇති සැම පැහැයක්ම අනිත්‍යය ය. ලොව ඇති සැම සුවඳක්ම අනිත්‍යය ය. ලොව ඇති සැම පෙනුමක්ම අනිත්‍යය ය. ජිවිතයේ ද සෑම දෙයක්ම අනිත්‍යය ය./



05

ඉමිනා වන්දන මානන - පූජා පටිත්‍යානුභාවෙන
ආසවක්ඛයාවහං හෝතු - සබ්බ දුක්ඛා පමුච්චති.


/වැඳුම් පිඳුම් කොට මම පිං පුරවා ගතිමි. මේ පිං මහිමයෙන් ලොව්තුරා බුදුහිමි දකිම්වා, ජාති, ජරා මරණ රෝග දුක් පීඩා නොලබම්වා, සංසාර ගමන නිමවා නිවන් දකිම්වා./

පැන් පුජා කිරීම.

01

අධිවාසෙ තුනෝ භන්තේ - පානීයං පරි කප්පිතං
අනුකම්පං උපාදාය - පති ගණ්හාතු මුත්තමං.


/ස්වාමීනි අප විසින් ළඟට පමුණුවන ලද මේ සිසිල් පැන් ඉවසන සේක්වා. ස්වාමීන් වහන්ස අප කෙරෙහි අනුකම්පා කොට පිළිගෙන වදාරණ සේක්වා./



02

සුහමේතං මනෝ රම්මං - උදකං ශුද්ධ ශිතලං
සුහස්ස ලෝක නාතස්ස - දෙමි පූජේමි සාදරං.


/ශෝභන වූ බීමට හා පරිභෝජනයට සුදුසු මේ සීතල ජලය රූපකාය සම්පත්තියෙන් හා ධර්ම කාය සම්පත්තියෙන් ශෝභන වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට සැදැහැයෙන් පුජා කරමි./



03

සුගන්ධං සීතලං කප්පං - පසන්න මධුරං සූභං
පානීය මේතං භගවා - පති ගණ්හාතු මුත්තමං.


/උතුම් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස සුවඳවත් වූ සිසිල් වූ කැපවූ ප්‍රසන්න වූ මිහිරි වූ මේ පැන් පිළිගන්නා සේක්වා./

ආහාර පුජා කිරීම.

01

අධිවාසෙ තුනෝ භන්තේ - භෝජනං පරි කප්පිතං
අනුකම්පං උපාදාය - පති ගණ්හාතු මුත්තමං.


/ස්වාමීනි අප විසින් පිළියෙළ කරන ලද මේ ආහාර ඉවසන සේක්වා. උත්තමයාණන් වහන්ස අප කෙරෙහි අනුකම්පා කොට පිළිගෙන වදාරණ සේක්වා./



02

ඕජවන්තං රසවන්තං - පනීතං භෝජනං ඉමං
පුජයාමි මුනින්දස්ස - මෝචනත්ථාය වට්ටකො.


/මේ ඕජවන්ත වූ රසවත් වූ ප්‍රණීත වූ භෝජනය සංසාර වෘත්තයෙන් මිදීම සඳහා මුණීන්ද්‍රයාණන් වහන්සේට පුජා කරමි. සසර දුකින් මිදීම පිණිස අප කෙරේ අනුකම්පාව උපදවා මේ භෝජනය පිළිගන්නා සේක්වා./



03

ඕජවන්තං රසවන්තං - පනීතං භෝජනං ඉමං
පූජේමි පුජනීයස්ස - අරහන්තස්ස තාදිනෝ.


/./

ව්‍යඤ්ජන පුජා කිරීම.


අධිවාසෙ තුනෝ භන්තේ - ව්‍යඤ්ජනං පරි කප්පිතං 
අනුකම්පං උපාදාය - පති ගණ්හාතු මුත්තමං.


/ස්වාමීනි අප විසින් ළඟට පමුණුවන ලද මේ ව්‍යඤ්ජන පුජාව ඉවසන සේක්වා. ස්වාමීන් වහන්ස අප කෙරෙහි අනුකම්පා කොට පිළිගෙන වදාරණ සේක්වා./

ව්‍යඤ්ජන/රසකැවිලි ආදිය පුජා කිරීම.


ඉමේහි භෝජනදි හිසුප - පූජාදි කේහිච
පූජේමි සම්මා සම්බුද්ධං - නිබ්බාන සුව සිද්ධියා.


/නිවන් සුවය ළඟා කර ගැනීම සඳහා ව්‍යඤ්ජන හා රසකැවිලි ආදියෙන් යුක්ත වූ මේ භෝජනය සම්මා සම්බුදුරදුනට පූජා කරමි./

අවුළුපත් (කැවිලි ) පුජා කිරීම.


අධිවාසෙ තුනෝ භන්තේ - කඡ්ජකං පරි කප්පිතං
අනුකම්පං උපාදාය - පති ගණ්හාතු මුත්තමං.


/ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස අප විසින් ඔබ වහන්සේ උදෙසා පිළියෙළ කරන ලද මේ කැවිලි (අවුළුපත්) පූජාව ඉවසන සේක්වා. උත්තමයාණන් වහන්ස අප කෙරෙහි අනුකම්පා කොට පිළිගෙන වදාරණ සේක්වා./

කිරි ආහාර පුජා කිරීම.


අධිවාසෙ තුනෝ භන්තේ - පායාසං උපනාමිතං
අනුකම්පං උපාදාය - පති ගණ්හාතු මුත්තමං.


/ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස අප විසින් පිළිගන්වන ලද මේ කිරි ආහාර පූජාව ඉවසන සේක්වා. උත්තමයාණන් වහන්ස අප කෙරෙහි අනුකම්පා කොට පිළිගෙන වදාරණ සේක්වා./

පළතුරු පුජා කිරීම.


අධිවාසෙ තුනෝ භන්තේ - කඡ්ජකං පරි කප්පිතං
අනුකම්පං උපාදාය - පති ගණ්හාතු මුත්තමං.


/ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස අප විසින් පූජා කරන ලද මේ රස පළතුරු පූජාව ඉවසන සේක්වා. උත්තමයාණන් වහන්ස අප කෙරෙහි අනුකම්පා කොට පිළිගෙන වදාරණ සේක්වා./

කැඳ පුජා කිරීම.


අධිවාසෙ තුනො භන්තේ - තරලං පරි කප්පිතං
අනුකම්පං උපාදාය - පති ගණ්හාතු මුත්තමං.


/ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස අප විසින් පිළියෙළ කරන ලද උතුම් වූ කැඳ පූජාව ඉවසන සේක්වා. උත්තමයාණන් වහන්ස අප කෙරෙහි අනුකම්පා කොට පිළිගෙන වදාරණ සේක්වා./

ගිලන්පස පුජා කිරීම.

01

අධිවාසෙ තුනො භන්තේ - ගිලානං පච්චයං ඉමං
අනුකම්පං උපාදාය - පති ගණ්හාතු මුත්තමං.


/ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස අප විසින් ළඟට පමුණුවන ලද මේ ගිලන්පස පූජාව ඉවසන සේක්වා. උත්තමයාණන් වහන්ස අප කෙරෙහි අනුකම්පා කොට පිළිගෙන වදාරණ සේක්වා./



02

ඨපෙත්වා ධාතු කායංයෝ - අධිට්ඨාය ජිනෝඅගා
නිබ්බානං තස්ස පූජේමි - ගිලානං පච්චයං ඉමං.


/අනාගතයෙහි පහළවන සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් අධිෂ්ඨාන බලයෙන් ධාතු ශරීරය ශේෂ කොට තබා පිරිනිවන් පා වදාළ ජින නම් වූ බුදු රජාණන් වහන්සේට මේ ගිලන් පස පූජාව පූජා වේවා./

අෂ්ඨපාන හා පානවර්ග පුජා කිරීම.

01

අට්ඨාංග මග්ග පානංයෝ - පායේසි ජනතං ජිනෝ
පානං අඨවිධං තස්ස - සානු ලෝමං සූපුජයේ.


/යම් බුදුවරයෙක් අෂ්ඨාංග මාර්ග නැමැති පානය ජන සමුහයාට පෙවු සේක්ද, ඒ බුදුරජාණන් වහන්සේට අනුලෝම සහිත වූ අෂ්ඨ විධ පානය මනාකොට පූජා කරමි./



02

අධිවාසෙ තුනො භන්තේ - පානකං පරි කප්පිතං
අනුකම්පං උපාදාය - පති ගණ්හාතු මුත්තමං.


/උතුම් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස කැප සරුප් ලෙස පිළියෙළ ලද මේ අෂ්ඨපාන ගිලන්පස පූජාව ඉවසන සේක්වා. උත්තමයාණන් වහන්ස අප කෙරෙහි අනුකම්පා කොට පිළිගෙන වදාරණ සේක්වා./

ඛෙහෙත් පුජා කිරීම.

01

අධිවාසෙ තුනො භන්තේ - හේසජ්ජං පරි කප්පිතං
අනුකම්පං උපාදාය - පති ගණ්හාතු මුත්තමං.


/ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස අප විසින් ළඟට පමුණුවන ලද මේ ඛෙහෙත් පූජාව ඉවසන සේක්වා. උත්තමයාණන් වහන්ස අප කෙරෙහි අනුකම්පා කොට පිළිගෙන වදාරණ සේක්වා./



02

කිලේසාතුර භුතානං - අදා ධම්මෝසධං මුනි
ගිලාන පච්චයං තස්ස - භේසජ්ජං පූජයාමි දං.


/යම් සර්වඥවරයෙක් තෙමේ ක්ලේෂයන්ගෙන් ආතුර වූ සත්වයන්ට ධර්ම නැමැති ඔෘෂධය දුන්සේක්ද, ඒ සර්වඥයන් වහන්සේට මේ ගිලනුන්ට ප්‍රත්‍ය වූ ඛෙහෙත් පූජා කරමි./

දැහැත් පුජා කිරීම.

01

අධිවාසෙ තුනෝ භන්තේ - තාම්බූලං පරි කප්පිතං
අනුකම්පං උපාදාය - පති ගණ්හාතු මුත්තමං.


/ඉතා ගෞරවයෙන් පිළියෙළ කරන ලද මේ දැහැත් පුජාව ඉවසන සේක්වා. අප කෙරෙහි අනුකම්පාවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්ස, පිළිගන්නා සේක්වා./



02
නාගවල්ලි දළු පෙතං - චුණ්ණ පූග සමායුතං
තාම්බූලං පති ගන්හාතු - සතං පුජෙමි දං ජිනෝ.


/බුලත්, සුනු, පුවක් යනාදියෙන් යුක්ත වූ මේ දැහැත් විට පස්මරූන් දිනුවා වූ සත්ගුණයෙන් ශාන්ත වූ බුදුරජාණන් වහන්සේට පූජා වේවා./



03
සද්ධම්ම මුඛ වාසේහි - වාසිතං මුණිතා මුඛං 
මුඛ වාසේහි සංයුක්තං - තාම්බුලං තස්ස පූජයේ.


/යම් සර්වඥවරයෙක් විසින් සද්ධර්ම නැමැති මුඛ වාසයන්ගෙන් මුඛ්‍ය සුවඳ කවන ලද ද, ඒ සර්වඥයන් වහණ්සේට මුඛ වාසයන්ගෙන් යුක්ත වූ බුලත් පූජා කරමි./

පිරිකර පුජා කිරීම.


පරික්ඛරානි ඒතානි - පටියත්ථානි සාධුකං
අසීති මහා ථේරානං - නත්වා පූජේමි සාදරං.


/මැනවින් පිළියෙළ කළ මේ පරිෂ්කාර අසුමහා ශ්‍රාවකයන් වහන්සේලාට ගෞරවාදරයෙන් පමුණුවා පූජා කරමි./

සිවුරු පුජා කරණ ගාථාව.


කොසෙය්‍යකාදි ජාතෙන - කුංකුමාරත්ත කන්තිනා
තිචිවරෙන භගවන්තං - අච්ඡාදෙමි තථාගතං.


/./

කොඩි පුජා කිරීම.


ධම්මද්ධජධරං ධීරං - ධම්මුග්ගතමහායසං
ධජේනේත පුජේමි - ධම්මරාජං ධපුප්පමං.


/ධර්මය නැමැති ධජය දරන්නා වූ මහා ප්‍රඥාවන්ත වූ ධර්මයෙන් හටගත් කිර්ති ඇති ධජයකට බඳු උපමහා ඇති ධර්මරාජයන් වහන්සේ මේ ධජයෙන් පූජා කරමි./

පවන් පුජා කිරීම.


වන්දනමාන සක්කාරං - භජනං සක්‍ය පුඬගවං
මනුඤ්ඤ පවනග්ගාහි - විජනෙනහි පුජයේ.


/./

චාමර පුජා කිරීම.


තිලොක තිලකං බුද්ධං - සිද්ධං සුද්ධ ගුණාකරං
මහාරහෙන සුගතං - පුජයෙ චාමරෙන හං.


/./

ආසන පුජා කරණ ගාථාව.


නානා මණිසුවණ්ණෙහි - ඛවිතං චාරු භාසුරං
මහාරහමිදං සාධු - ආසනං දෙමි සත්ථුනො.


/./

ගණ්ඨාර පුජා කිරීම.


ගණ්ඨාර  වානු කාරේන - සරේන මධුරෙන යො
සද්ධම්මං දෙසයී සත්ථා - තයහි ඝණ්ඨාහි පුජයේ.


/යම් බුදුවරයාණන් වහන්සේ නමක් ගන්ඨා ශබ්දය සමාන මධුස්වරයෙන් දහම් දෙසු සේක්ද, උන්වහන්සේ මේ ගන්ඨා ශබ්දයෙන් පූජා කරමි./

කප්රුක් පුජා කිරීම.


සම්බ සම්පත්ති දාතාරං - සබ්බ ලෝක හිතංවරං
කප්පරුක්ඛේන පූජේමි - කප්පරුක්ඛු මං ජිනං.


/./

කිරිපිඬූ පුජා කිරීම.


සද්ධම්මා මත ඛීරේන - තෝසයන්තං බහුඡ්ජනෙ
මාතුපාමං ලොකනාථං - ඛිරොදනෙන පුජයේ.


/./

සියලූම ද්‍රව්‍ය පුජා කිරීම.


කරුණා පුණ්ණ හදයස්ස - සම්බුද්ධස්ස මහේසිනෝ
සබ්බ පිදං දෙය්‍ය ධම්මං - පූජයාමි මයං පියං.


/කරුණාවෙන් පිරුණා වූ හදවතක් ඇත්තාවූ මහා ශාක්‍ය වූ සම්මා සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේට මෙම සියලූම ද්‍රව්‍ය ආදර ගෞරවයෙන් යුක්තව පුජා කරමි. පූජාවේවා./

සියල්ල එක විට පුජා කිරීම.


අධිවාසෙ තුනෝ භන්තේ - සබ්බ සද්ධාය පුජිතං
අනුකම්පං උපාදාය - පති ගණ්හාතු මුත්තමං.


/./

ප්‍රාර්ථනාව.


ඉමාය බුද්ධ පූජාය - කථාය ජින මුත්තමේ 
සද්ධා ශීලංච චාගෝච - පඤ්ඤා සුති යථා රහං
ඒතේ පංච පිඨානානි - ලභිත්වා ජාති ජාතියං
අන්තේ දුක්ඛ කයං සන්තං - නබ්බාන හෝතු පච්චයෝ.


/උතුම් වූ බුදු රජණන් වහන්සේ උදෙසා කරන ලද මෙම බුද්ධ පූජාව කරන කොට ගෙන ශ්‍රද්ධාශීල, ත්‍යාග, ශෘත, ප්‍රඥා යන පංච ධර්මයන් සසර වෙසෙන තාක් කල් ජාතියක් ජාතියක් පාසා ලබා අන්තයෙහි දුක් නැත්තා වූ උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලබනු පිණිස හේතු වේවා, වසනාවේවා./

සම්පාදනය හේ.දිකමන්ත දිල්මිණ.
         
01 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය සහිතව
          පිටු අංක 01


          පිටු අංක 02


        පිටු අංක 03


          පිටු අංක 04


          පිටු අංක 05


          පිටු අංක 06


          පිටු අංක 07


          පිටු අංක 08


          පිටු අංක 09


          පිටු අංක 10


          පිටු අංක 11


02 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය රහිතව
          පිටු අංක 01


          පිටු අංක 02


          පිටු අංක 03


          පිටු අංක 04


          පිටු අංක 05


          පිටු අංක 06


          පිටු අංක 07


නොමිලේ බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.


No comments:

Post a Comment