සිල් සමාදන් වීම.
ඒක භක්තික ෂට්ක ශිලය සමාදන් වීම.
01
|
පාණතිපාතා
වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/පර පණ නැසීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන්
වෙමි./
|
||
02
|
අදින්නාදානා
වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/අනුන් සතු ඔවුන් කමැත්තෙන් නොදුන් දෙයක් සොර සිතින්
ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
|
||
03
|
අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/ඉතා පහත් හැසිරීම නම් වූ ඉන්ද්‍රිය බද්ධ කාමසේවනයෙන්
වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
|
||
04
|
මුසාවාදා
වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/මුසාවාදයෙන් හෙවත් බොරු කීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය
මම සමාදන් වෙමි./
|
||
05
|
සුරාමේරය
මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/මත්වීම හා ප්‍රමාදයට කරණා වූ රහමෙර පානය කිරීමෙන්
වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
|
||
06
|
විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/විකල් භෝජනයෙන් හෙවත් අකාලයේ ආහාර ගැනීමෙන් වැළකීම නම්
වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
|
||
(භික්‍ෂුව
:- තිසරණේන සංද්ධිං ඒක භක්තික ෂට්සීලං ධම්මං
සධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පා දේ තබ්බං.
|
||
/මේ තිසරණ සහිත වු ඒක භක්තික ෂට්ක ශිලය මනාලෙස සුරක්‍ෂිතව සිහිනුවණින් රැකගත යුතුය. මෙම
ධර්මය මර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වසනා වේවා./
|
||
උපාසක
:- ආම භන්තේ.
|
||
/එහෙමයි ස්වාමින් වහන්ස./ )
|
සම්පාදනය
හේ.දි. කමන්ත දිල්මිණ.
01 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය සහිතව
පිටු අංක 01
02 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය රහිතව
No comments:
Post a Comment