Saturday, February 6, 2016

ධර්ම දානය - අටසිල් සමාදන් වීම

නොමිලේ බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.
     

සිල් සමාදන් වීම.

 අටසිල් සමාදන් වීම සඳහා සිල් අයදින වාක්‍යය.




උපාසක :- ඕකාස අහං භන්තේ තිසරණේන සංද්ධිං අට්ඨංග උපෝසථ සීලං ධම්මං යාචාමි අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ.


(නමස්කාරය හා තිසරණය මෙහි ඇතුළත් කර ගත යුතුය.)

අටසිල් සමාදන් වීම.




උපාසක :- අහං භන්තේ අජ්ජ් ඉමඤ්ච දිවසං /රත්තිං උපෝසථං උපවසාමි, අට්ඨාංග සමන්නාගතං සීලං සමාදියාමි.




(උදය වරුවට "දිවසං" කියාද, සවස් වරුවට "රත්තිං"කියාද යොදා ගත යුතුය.)



01
පාණතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.




/පර පණ නැසීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
02
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.






/අනුන් සතු ඔවුන් කමැත්තෙන් නොදුන් දෙයක් සොර සිතින් ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
03
අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.






/ඉතා පහත් හැසිරීම නම් වූ ඉන්ද්‍රිය බද්ධ කාම සේවනයෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
04
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.




/මුසාවාදයෙන් හෙවත් බොරු කීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
05 
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.




/මත්වීම හා ප්‍රමාදයට කරණා වූ රහමෙර පානය කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
06
විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.




/විකල් භෝජනයෙන් හෙවත් අකාලයේ ආහාර ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
07

නච්ච ගීත වාදිත විසුකදස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභුස නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.










/නැටීමය, ගීත ගැයීමය, වාදනය කිරීමය, උසුළු විසුළු බැලීමය, මල් ගඳ විලවුන් දැරීමය, අඩුතැන් පිරවීමය, පැහැ ගැන්වීම් වශයෙන් සැරසීමය, ඔප මට්ටම් දැමීමය යන මෙකී තාක් දෙයින් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
08
උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.




/උස් අසුන් හා මහාසන පරිභෝග කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./






(භික්‍ෂුව :- තිසරණේන සංද්ධිං අට්ඨංග උපෝසථ සීලං ආජිවාෂ්ඨමක ශිලං ධම්මං සධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පා දේ තබ්බං.






/මේ තිසරණ සහිත වු අට ශිලය මනාලෙස  සුරක්‍ෂිතව සිහිනුවණින් රැකගත යුතුය. මෙම ධර්මය මර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වසනා වේවා./

උපාසක :- ආම භන්තේ.


/එහෙමයි ස්වාමින් වහන්ස./ )

සම්පාදනය හේ.දි. කමන්ත දිල්මිණ.
          
01 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය සහිතව
        පිටු අංක 01

             පිටු අංක 02


           
02 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය රහිතව

       පිටු අංක 01
       පිටු අංක 02



No comments:

Post a Comment