Sunday, February 22, 2015

English Lesson 06


 

01
This book is better than that one.

මේ පොත අර එකට වඩා හොඳයි.
02
My bag is heavier than yours.

මගේ බෑග් එක ඔයාගේ එකට වඩා බරයි.
03
John is not so fat as Jane.

ජෝන් ජේන් තරම් මහත නැහැ.
04
I have two brothers. The elder is in grade six. The younger is in grade two.

මට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. වැඩිමලා හයවෙනි ශ්‍රේණියේ. බාලයා දෙවෙනි ශ්‍රේණියේ.
05
Is the elephant the largest of the wild animal?

ඈතා කෑලෑ සතුන්ගෙන් ලොකුම එකාද​?
06
Mr. Perera’s house is not so big as Mr. Silva’s.

පෙරේරා මහත්මයාගේ ගේ  සිල්වා මහත්මයාගේ එක තරම් ලොකු නැහැ.
07
They are richer than now than before.

දැන් ඒගොල්ලෝ පෙරට වඩා පොහොසත්.
08
He is strong as a lion.

එයා සිංහයෙක් වගේ ශක්තිමත්.
09
Rita is the cleverest girl in our class.

රිටා අපේ පංතියේ දක්‍ෂම ගැහැණු ළමයාය.
10
The sea is calmer today than yesterday.

මුහුද ඊයේට වඩා අද නිශ්චලයි.
11
The sea is calm today.
(Opposite: - The sea is rough today.)

අද මුහුද නිශ්චලයි.
(අද මුහුද රලුයි.).
12
This is the most ancient building in the city.
(Opposite: - This is the most modern building in the city.).

මේක නගරයේ වඩාත්ම පැරණි ගොඩනැගිල්ලයි.
(මේක නගරයේ වඩාත්ම නූතන ගොඩනැගිල්ලයි.).
13
Your room is very clean.
 (Opposite: - Your room is very dirty.).

ඔයාගේ කාමරය හරි පිරිසිදුයි.
(ඔයාගේ කාමරය හරි කිලුටුයි.).
14
This bag is very heavy.
(Opposite: - This bag is very light.).

මේ බෑග් එක හරි බරයි.
(මේ බෑග් එක හරි සැහැල්ලුයි.).
15
He has friendly attitude.
(Opposite: - He has hostile attitude.).

ඔහු සතුව මිත්‍ර ගතිගුණ තියෙනවා.
(ඔහු සතුව හතුරු ගතිගුණ තියෙනවා.).
16
This bed is very hard.
(Opposite: - This bed is very soft.).

මේ ඇඳ හරි තද යි.
(මේ ඇඳ හරි මොලොක්.).
17
My bag is heavier than yours.
(Opposite: - My bag is lighter than yours.).

මගේ බෑග් එක ඔයාගේ එකට වඩා බරයි.
(මගේ බෑග් එක ඔයාගේ එකට වඩා සැහැල්ලුයි.).
18
He is the leanest boy in the class.
(Opposite: - He is the fattest boy in the class.).

ඔහු පංතියේ කෙට්ටුම පිරිමි ළමයාය.
(ඔහු පංතියේ මහතම පිරිමි ළමයාය.).
19
Peter is stronger than John.
(Opposite: - Peter is weaker than John.).

පීටර් ජෝන්ට වඩා ශක්තිමත්.
(පීටර් ජෝන්ට වඩා දුර්වලයි.).
20
I am the tallest in the class.
(Opposite: - I am the shortest in the class.).

මම පංතියේ උසම කෙනායි.
(මම පංතියේ කොට​ම කෙනායි.).
21
He has more money now than before.
(Opposite: - He has less money now than before.).

දැන් ඔහුට පෙරට වඩා සල්ලි තියෙනවා.
(දැන් ඔහුට පෙරට අඩුවෙන් සල්ලි තියෙනවා.).


01
Mr. Perera is kinder than Mrs. Perera.

පෙරේරා මහත්මයා පෙරේරා මහත්මියට වඩා කරුණාවන්තයි.
02
Peter is now as tall as John.

පීටර් දැන් ජෝන් තරමටම උසයි.
03
The younger of the two is Ajith.

දෙදෙනාගෙන් වඩා බාලයා අජිත්.
04
My room is darker than yours.

මගේ කාමරය ඔයාගේ එකට වඩා අඳුරුයි.
05
The highest building in the town is this.

නගරයේ උසම ගොඩනැගිල්ල මේකයි.
06
Kumara is my brother. He is elder to me.

කුමාර මගේ සහෝදරයා. එයා මට වඩා වැඩිමල්.
07
Geetha is prettier (/ more beautiful) than Ranjani.

ගීතා රංජනීට වඩා ලස්සනයි.
08
Ranjani is cleverer than Geetha.

රංජනී ගීතාට වඩා දක්‍ෂයි.
09
An old car is cheaper than anew motor cycle.

පරණ කාර් එකක් අලුත් මෝටර් සයිකලයකට වඩා ලාභයි.
10
Nita is younger of the two sisters.

සොයුරියන් දෙදෙනාගෙන් වඩා බාලයා නීටා.
11
This road is broader than that road.

මේ පාර අර පාරට වඩා පළල්.
12
Our well is deeper than yours.

අපේ ලිඳ ඔයගොල්ලන්ගේ එකට වඩා ගැඹුරුයි.
13
Our principal is very bold (/brave).

අපේ විදුහල්පතිතුමා හරි නිර්භීතයි.
14
This plank is very rough.

මේ ලෑල්ල හරි ගොරෝසුයි.
15
The mangoes on this tree are sweeter than the mangoes of that tree.

මේ ගහේ අඹ අර ගහේ අඹවලට වඩා රසයි.
16
The question-paper is (/was) very easy.

ප්‍රශ්න පත්‍රය හරි ලේසියි.
17
The cleverest student in our class is Anil.

අපේ පංතියේ දක්‍ෂම ශිෂ්‍යයා අනිල්.
18
Are you tried?

ඔයාට මහන්සිද​?
19
I am not tried. I am hungry.

මට මහන්සි නැහැ. මට බඩගිනියි.
20
Is your father sick?

ඔයාගේ තාත්තාට අසනීපද​?

No comments:

Post a Comment