Sunday, February 22, 2015

English Lesson 07



01
Who is your teacher?

කවුද ඔයාගේ ගුරුවරයා?
02
From whom is this cake?

කාගෙන්ද මේ කේක් එක?
03
For whom was that letter?

කාටද ඒ ලියුම?
04
I was in Jaffna then.

එතකොට මම හිටියේ යාපනේ.
05
I had my lunch.

මම දවල්ට කෑවා (දවල් ආහාරය ගත්තා.).
06
Where were you at 10.00 o’clock yesterday?

ඊයේ 10.00ට ඔයා කොහේද හිටියේ?
07
Was your father at home in the morning?

ඔයාගේ තාත්තා උදේ ගෙදර හිටියද?
08
From what shop are these vegetables?

මේ එලවලු මොන කඩෙන්ද?
09
Whose coat is this?

කාගේ කෝට් එකද මේක?
10
Which girl was in the hospital?

කොයි ගෑණු ළමයාද රෝහලේ හිටියේ?
11
Whose daughter is Roshini?

කාගේ දුවද රොෂිනී?
12
Which is Peter’s bed? Which is yours?

පීටර්ගේ ඇඳ කෝකද? ඔයාගේ එක කෝකද?
13
On which table was your purse?

කොයි මේසය උඩද ඔයාගේ මුදල් පසුම්බිය තිබුණේ?
14
From where is our new teacher?

අපේ අලුත් ගුරුවරයා කොහෙන්ද?
15
When was your cricket match?

ඔයගොල්ලන්ගේ ක්‍රිකට් මැච් එක කවදාද තිබුණේ?
16
Why is she in bed?

ඇයි ඈ ඇඳේ (ඉන්නේ)?
17
How many students were there in the class today?

අද පංතියේ ශිෂ්‍යයෝ කීදෙනෙක් හිටියාද?
18
What was his salary last year?

ගිය අවුරුද්දේ එයාගේ පඩිය මොකක්ද (කොච්චරද)?
19
Kamal was here two years ago.

පැය දෙකකට ඉස්සෙල්ලා කමල් මෙහෙ හිටියා.
20
How old is your grandfather?

ඔයාගේ සීයාට කොච්චර වයසද?


01
Who is your best friend?

කවුද ඔයාගේ හොඳම යාලුවා?
02
Which teacher was in hospital?

රෝහලේ හිටියේ කොයි ගුරුවරයාද​?
03
From which village is the new student?

අලුත් ශිෂ්‍යයා කොයි ගමෙන්ද​?
04
How is your brother now?

ඔයගේ අයියාට දැන් කොහොමද​?
05
What is your sister’s name?

ඔයාගේ අක්කාගේ නම මොකක්ද?
06
Which of these two pens is yours?

මේ පෑන් දෙකෙන් ඔයාගේ එක කෝකද​?
07
How many mangoes are there on the table?

මේසය උඩ අඹගෙඩි කීයක් තියෙනවාද?
08
From which school is he?

එයා කොයි පාසැලෙන්ද​?
09
From where is that new student?

අර අලුත් ශිෂ්‍යයා කොහෙන්ද​?
10
How much is a coconut these days?

මේ දවස්වල පොල් ගෙඩියක් කීයද​?
11
How tall is your father?

ඔයාගේ තාත්තා කොච්චර උසද​?
12
On which table is my wrist-watch?

මගේ අත් ඔරලෝසුව කොයි මේසය උඩද​?
13
How old is your mother?

ඔයාගේ අම්මාට කොච්චර වයසද​?
14
Why is John not (there) in school today?  (Why is John (there) in school today?

ඇයි අද ජෝන් පාසැලේ නැත්තේ?
15
Was there a book on this table?

මේ මේසය උඩ පොතක් තිබුණාද​?
16
I had a drink.

මම අඩියක් ගැහැව්වා.
17
Where were you yesterday morning?

ඊයේ උදේ ඔයා කොහේද හිටියේ?
18
Last year Sumana had a beautiful cat.

ගිය අවුරුද්දේ සුමනාට ලස්සණ පුසෙක් හිටියා.
19
Who is at the gate?

කවුද ගේට්ටුව ලඟ ඉන්නේ?
20
Kamal was (there) in the library two hours ago.

කමල් පැය දෙකකට ඉස්සෙල්ලා පුස්තකාලේ හිටියා.

No comments:

Post a Comment