01
|
There are some beautiful pictures in this book.
|
මේ පොතේ ලස්සණ පින්තුරු වගයක් තියෙනවා.
| |
02
|
There aren't any pictures in my book.
|
මගේ පොතේ පින්තුරු එකක්වත් නැහැ.
| |
03
|
Geetha hasn't a tie.
|
ගීතාට ටයිපටියක් නැහැ.
| |
04
|
Are there cockroaches in your house?
|
ඔයගොල්ලන්ගේ ගෙදර කැරපොත්තෝ ඉන්නවාද?
| |
05
|
No, there are no cockroaches in our house.
|
නැහැ, අපේ ගෙදර කැරපොත්තෝ නැහැ.
| |
06
|
The boy, near the table, is Sunil.
|
අර මේසය ළඟ ඉන්න පිරිමි ළමයා සුනිල්.
| |
07
|
My house is opposite the temple.
|
මගේ ගෙදර (තියෙන්නේ) පන්සලට විරුද්ධ පැත්තෙන්.
| |
08
|
There is an old man outside the gate.
|
ගේට්ටුවට පිටතින් නාකි මිනිහෙක් ඉන්නවා.
| |
09
|
Your book isn't there on the table.
|
ඔයාගේ පොත මේසය උඩ නැහැ.
| |
10
|
Our cat is there in the kitchen.
|
අපේ පුසා කුස්සියේ ඉන්නවා.
| |
11
|
There is a beautiful bird on that tree.
|
අර ගහ උඩ ලස්සණ කුරුල්ලෙක් ඉන්නවා.
| |
12
|
There is no sugar in this coffee.
|
මේ කෝපි එකේ සීනි නැහැ.
| |
13
|
Haven’t they a house?
|
ඒගොල්ලන්ට ගෙයක් නැද්ද?
| |
14
|
It’s very cold outside the room.
|
කාමරයෙන් පිටත හරි ශිතයි.
| |
15
|
There is a snake under the bed.
|
ඇඳ යට සර්පයෙක් ඉන්නවා.
| |
16
|
There are no cats in our house.
|
අපේ ගෙදර පුසෝ නැහැ.
| |
17
|
The boy, on that mango tree, is Ranjith.
|
අර අඹ ගහ උඩ ඉන්න පිරිමි ළමයා රංජිත්.
| |
18
|
The ink, in this bottle, is black.
|
මේ බෝතලේ තියෙන තීන්ත කලුයි.
| |
19
|
The white car, outside that red house, is very old.
|
අර රතු ගෙදරට පිටතින් තියෙන සුදු කාර් එක හුඟාක් පරණයි.
| |
20
|
There is no school in front of the temple.
|
පන්සලට ඉදිරිපිටින් පාසැලක් නැහැ.
|
01
|
I have an exam tomorrow.
|
මට හෙට විභාගයක් තියෙනවා.
| |
02
|
Are there snakes in your garden?
|
ඔයගොල්ලන්ගේ වත්තේ සර්පයෝ ඉන්නවාද?
| |
03
|
There aren't any snakes (/There are no snakes) in our garden.
|
අපේ වත්තේ එක සර්පයෙක්වත් නැහැ.
| |
04
|
There are some books on this table.
|
මේ මේසේ උඩ පොත් වගයක් (කිහිපයක්) තියෙනවා.
| |
05
|
Is there sugar in this shop?
|
මේ කඩේ සීනි තියෙනවාද?
| |
06
|
This shop-keeper has a big stomach.
|
මේ මුදලාලිට ලොකු බඩක් තියෙනවා.
| |
07
|
Aren't there coconuts (/Are there no coconuts) on this tree?
|
මේ ගහේ පොල් නැද්ද?
| |
08
|
The clock on that table is very expensive.
|
අර මේසය උඩ තියෙන ඔරලෝසුව හරි ගණන්.
| |
09
|
There is no teacher (/There isn't a teacher) in the class-room near that mango tree.
|
අර අඹ ගහ ලඟ තියෙන පංති කාමරයේ ගුරුවරයෙක් නැහැ.
| |
10
|
There are twenty chairs in this class-room.
|
මේ පංති කාමරේ පුටු විස්සක් තියෙනවා.
| |
11
|
Is my umbrella there in the class-room?
|
මගේ කුඩේ පංති කාමරයේ තියෙනවාද?
| |
12
|
No, your umbrella is not there in the class-room.
|
නැහැ, ඔයාගේ කුඩේ පංති කාමරයේ නැහැ.
| |
13
|
There aren't any (/There are no) mangoes on this tree.
|
මේ ගහේ එක අඹ ගෙඩියක්වත් නැහැ.
| |
14
|
There are some slippers near the door.
|
දොර ළඟ සෙරෙප්පු වගයක් තියෙනවා.
| |
15
|
The boy with that tall girl is Anil.
|
අර උස ගැහැණු ළමයා එක්ක ඉන්න පිරිමි ළමයා අනිල්.
| |
16
|
Is there water in your well?
|
ඔයගොල්ලන්ගේ ලිඳේ වතුර තියෙනවාද?
| |
17
|
There isn't any water (/There is no water) in our well.
|
අපේ ලිඳේ වතුර ටිකක්වත් නැහැ.
| |
18
|
Hasn't Sunil a bicycle?
|
සුනිල්ට බයිසිකලයක් නැද්ද?
| |
19
|
Are there any pups in your house?
|
ඔයගොල්ලන්ගේ ගෙදර බලු පැටව් එහෙම ඉන්නවාද?
| |
20
|
We haven’t dogs (any dogs).
|
අපිට බල්ලෝ නැහැ.
|
No comments:
Post a Comment