Friday, March 13, 2015

English Lesson 17

 

01
You must finish your homework before supper.

රෑ කෑමට පෙර ඔයා ඔයාගේ පංති අභ්‍යාස ඉවර කරන්ඩ ඕනෑ.
02
Uncle is sick. I ought to go and see him this weekend.

මාමාට අසනීපයි. මම මේ සති අන්තයේ එයාව ගිහින් බලන්ඩ ඕනෑ.
03
This book is very cheap. You should buy it.

මේ පොත හරි ලාභයි. ඔයා ඒක (මිලට​) ගත යුතුයි (එක ගන්ඩ​).
04
Father is coming tomorrow. You needn't write to him today.

තාත්තා හෙට එනවා. ඔයා අද තාත්තාට ලියන්ඩ ඕනෑ නැහැ.
05
The train is late today. It should come now.

රේල්ලුව අද පරක්කුයි. ඒක දැන් එන්ඩ ඕනෑ.
06
Must I type this letter? No, you needn't. You may write it by hand.

මම මේ ලියුම ටයිප් කරන්ඩ ඕනෑද​?  නැහැ, අවශ්‍ය නැහැ. ඔයාට පුලුවන් ඒක අතින් ලියන්ඩ​.
07
You should take your umbrellas. It is going to rain.

ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ කුඩ ගෙන යා යුතුයි (ගෙනියන්ඩ​). වහින්ඩ එනවා.
08
I must wash my hands. They are dirty.

මම මගේ අත් හෝදන්ඩ ඕනෑ. ඒවා කිලුටුයි.
09
You should study as hard as your sister.

ඔයා ඔයාගේ නංගී තරම් මහන්සිවෙලා පාඩම් කරන්ඩ ඕනෑ.
10
Have I come for that meeting? Yes, you have to come.

ඒ මීටිමට මටත් එන්ඩ තියෙනවාද (මමත් එන්ඩ ඕනෑද​)? ඔව්, ඔයා එන්ඩ ඕනෑ.
11
Our teacher is going to retire this year.

අපේ ගුරුතුමා මේ අවුරුද්දේ විශ්‍රාම ගන්ඩ යනවා.
12
I will come for the picnic somehow or other.

මම කොහොම හරි විනෝද චාරිකාවට එනවා.
13
Your mother should take medicine for her sickness.

ඔයාගේ අම්මා ඇගේ අසනීපෙට බෙහෙත් ගත යුතුයි.
14
Will he pass the exam?

එයා විභාගය පාස්වෙයිද​?
15
Would you like to go to the zoo with us tomorrow?

ඔයා අපි එක්ක හෙට සත්වෝද්‍යානයට යන්ඩ ආශාද​?
16
Is the merchant willing to lend you the money?

ඔයාට මුදල ණයට දෙන්ඩ මුදලාලි කැමැතිද​?
17
Won’t he come back from Bandarawela this week?

එයා බණ්ඩාරවෙල ඉඳලා මේ සතියේ එන්නේ නැද්ද​?
18
Shall we go for a film tomorrow?

අපි හෙට චිත්‍රපටියකට යමුද​?
19
Did Ranil write this essay himself?

රනිල්ම මේ රචනාව ලිව්වාද​?
20
I spoke about the matter to the Prime Minister himself.

ඒ කාරණාව ගැන මම අගමැතිතුමාටම කථාකළා.
  

01
He must not get down from bed yet.

එයාට තාම ඇඳෙන් බහින්ඩ හොඳ නැහැ. (තාමත් නොබැසිය යුතුයි.) (Must).
02
Students should obey their teachers.

ශිෂ්යයෝ ඔවුන්ගේ ගුරුවරුන්ට කීකරුවිය යුතුයි. (Should).
03
I have to stay at home till noon.

දවල් වෙනකන් මම අද ගෙදර ඉන්ඩ ඕනෑ. (Have to).
04
You should ask pardon from him (should apologize to him).

ඔයා එයාගෙන් සමාව ඉල්ලන්ඩ ඕනෑ. (Must).
05
You needn't come to railway station. I can come alone.

ඔයා දුම්රිය පොලට එන්ඩ ඕනෑ නැහැ. මට තනියම එන්ඩ පුලුවන්. (Need).
06
You should see a doctor soon.

ඔයා ඉක්මනට දොස්තර කෙනෙක් හම්බවෙන්ඩ ඕනෑ. (Should).
07
You are sick. You needn't go to school today.

ඔයාට සනීප නැහැ. අද ඉස්කොලේ යන්ඩ ඕනෑ නැහැ. (Need).
08
Pedestrians ought to walk on the right side of the road.

පයින් ගමන් කරන අය පාරේ දකුණු පැත්තෙන් යන්ඩ ඕනෑ. (Ought to).
09
You must not sell the clock at that price.

ඔය ගාණට ඔරලෝසුව විකුණන්ඩ එපා. (Must).
10
The teacher has not come yet. He should come now.

ටීචර් තාම ඇවිල්ලා නැහැ. දැන් එන්ඩ ඕනෑ. (Should).
11
You needn't write that in ink. You could use a pencil.

ඔයා ඒක තීන්තෙන් ලියන්ඩ ඕනෑ නැහැ. ඔයාට පැන්සලක් පාවිච්චි කරන්ඩ පුලුවන්. (Need).
12
You should take less sugar.

ඔයා සීනි වඩා අඩුවෙන් ගන්ඩ ඕනෑ. (Should).
13
He should be at home today.

එයා අද ගෙදර ඉන්නවා වෙන්ඩ ඕනෑ. (Should).
14
Tomorrow father will come home.

හෙට තාත්තා ගෙදර එනවා. (Will).
15
Shall we go to bathe tomorrow?

අපි හෙට නාන්ඩ යමුද​? (Shall).
16
There will be a board meeting next week.

ලබන සතියේ මණ්ඩල රැස්වීමක් තියෙනවා. (There සමඟ will).
17
Brother will not go to America. He will go t India.

අයියා ඇමරිකාවට යන්නේ නැහැ. එයා ඉන්දියාවට යනවා. (Will).
18
Did Raja write that letter himself?

රාජාම ඒ ලියුම ලිව්වාද​?
19
Give this letter to father himself.

මේ ලියුම තාත්තාටම දෙන්ඩ​.
20
I myself gave the book to the teacher. (I gave the book to the teacher myself.).

මමම ටීචර්ට පොත දුන්නා.

No comments:

Post a Comment