Sunday, March 22, 2015

English Lesson 20

 

01
By reading one chapter a day, you can finish this book in twenty days.

දවසකට එක පරිච්ඡේදයක් කියවලා, මේ පොත ඔයාට දවස් විස්සකින් ඉවර කරන්ඩ පුලුවන්.
02
Drinking six glasses of water a day is a good habit.

දවසකට වතුර වීදුරු හයක් බීම හොඳ පුරුද්දක්.
03
Today, travelling by taxi is very expensive.

අද ටැක්සිවලින් ගමන් කිරීම හරි ගණන්.
04
Building a house is not easy with my income.

මගේ ආදායමෙන් ගෙවල් හැදිල්ල ලේසි නැහැ.
05
Kamal will never pardon Siripala for not returning the money in time.

වෙලාවට සල්ලි නැවැත නොදීම ගැන කමල් සිරිපාලට කවදාවත් සමාව දෙන්නේ නැහැ.
06
He anticipated my coming and stayed at home without going to play.

මගේ පැමිණීම බලාපොරොත්තුවෙන්, සෙල්ලම් කරන්ඩ යන්නේ නැතුව, එයා ගෙදරට වෙලා හිටියා.
07
He is trying to avoid getting sick.

එයා අසනීප විම මග හරින්ඩ උත්සාහ කරනවා.
08
Why did he delay his going to India?

ඇයි එයා එයාගේ ඉන්දියාවට යෑම ප්‍රමාද කළේ?
09
He is not sure of buying a car.

කාර් එකක් ගැනීම ගැන එයාට ස්ථිර නැහැ.
10
After doing my homework, I am going to play.

මගේ අභ්‍යාස ඉවර කරලා (ඉවර කිරීමෙන් පසුව​) මම සෙල්ලම් කරන්ඩ යනවා.
11
In spite of his running to the station, he missed the train.

දුම්රිය පොලට දුවලත්, එයාට රේල්ලුව වැරදුනා.
12
Instead of buying a motorbike, why don’t you buy a car?

මෝටර් සයිකලයක් ගන්නවා (ගැනිල්ල​) වෙනුවට​, ඇයි ඔයා කාර් එකක් ගන්නේ නැත්තේ?
13
Please do not go without meeting me.

කරුණාකරලා මාව හමුවන්නේ නැතුව යන්ඩ එපා.
14
I am used to sleeping on the floor.

මට බිම බුදියලා පුරුදුයි.
15
I could not help laughing at his behaviour.

එයාගේ හැසිරීම ගැන මට හිනහා නොවී ඉන්ඩ බැරිවුනා.
16
Is that house worth buying?

ඒ ගේ ගන්ඩ (ගැනිල්ල​) වටිනවාද​?
17
Last year father (Thattha) stopped drinking.

ගිය අවුරුද්දේ තාත්තා අඩිගැහීම නැවැත්තුවා.
18
The robber admitted stealing our cow.

අපේ එළදෙන සොරකම් කරපු එක හොරා පිළිගත්තා.
19
I did not finish writing the letter yet.

ලියුම ලිවීම මම තාම ඉවර කළේ නැහැ.
20
I understand your not going home for the week-end.

සති අන්තයට ඔයාගේ ගෙදර නොයෑම මට තේරුම් ගන්ඩ පුලුවන්.

  

01
Did he remind you (_____________) the money?
a) With                 b) Of / About     Answer is Of / About.

එයා ඔයාට සල්ලි (_____________) මතක් කළාද?
a) සමඟ​                 b) ගැන               Answer is ගැන.
02
He borrows money (_____________) everybody.
a) From                b) With              Answer is From.

එයා හැමදෙනෙක් (_____________) සල්ලි ණයට ගන්නවා.
a) ගෙන්ම             b) සමඟ              Answer is ගෙන්ම.
03
He starts his day (_____________) a meditation.
a) Of                    b) With              Answer is With.

එයා එයාගේ දවස පටන් ගන්නේ භාවනාවත් (_____________) එක්ක.
a) ගැන                b) එක්ක              Answer is එක්ක.
04
They went (_____________) bus.
a) By                  b) On                  Answer is By.

ඒගොල්ලෝ ගියේ බස් (_____________).
a) එකෙන්          b) මත                  Answer is එකෙන්.
05
Rabbits feed (_____________) grass.
a) On                 b) With                Answer is On.

රට හාවො තණකොළ (_____________) ගන්නවා.
a) ආහාරයට       b) ආහාරය සමඟ   Answer is ආහාරයට.  
06
The rain prevented us (_____________) going out.
a) Of                 b) From               Answer is From.

වැස්ස (_____________) අපව එළියට යැම වැලැක්වුවා.
a) ගැන              b) මඟින්               Answer is මඟින්. 
07
What is he laughing (_____________)?
a) At                 b) With                Answer is At.

(_____________) එයා හිනාවෙන්නේ?
a) මොකකටද    b) මොකක් සමඟ  Answer is මොකකටද.
08
I was just thinking (_____________) you.
a) Of                 b) In                    Answer is Of.

මම නිකමට ඔයා (_____________) හිතුවා.
a) ගැන             b) කෙරෙහි           Answer is ගැන.         
09
The doctor could not cure him (_____________) his cancer.
a) With            b) Of                   Answer is Of.

ඔහුගේ පිළිකාව (_____________) ඔහුව සුව කරන්ඩ දොස්තර මහත්මයාට බැරිවුනා.
a) සමඟ            b) නිසා               Answer is නිසා.
10
That man is very insincere. Beware (_____________) him.
a) Of                b) To                  Answer is Of.

අර මිනිහා හරි කුහකයි. ඔහු(_____________) ප්‍රවේසම් වෙන්ඩ.
a) ගෙන්            b)                    Answer is ගෙන්.
11
This book consists (_____________) only twenty pages.
a) Of                b) With              Answer is Of.

මේ පොත පිටු විස්ස(_____________) පමණක් යුක්ත වෙනවා.
a) කින්             b) ක්                   Answer is කින්.
12
Did you hear (_____________) the accident?
a) On               b) Of                 Answer is Of / About.

ඔයාට අනතූර (_____________) ඇහුනද?
a) දි                  b) ගැන              Answer is ගැන.      
13
I am tired (_____________) writing to him.
a) Of               b) With             Answer is of.

මට එයාට ලිය(_____________) එපාවෙලා (/තෙහෙට්ටුයි.).
a) ලා               b) ද්දි                 Answer is ලා.             
14
Do you believe (_____________) charms?
a) Of               b) In                 Answer is In.

ඔයා හුනියම් (/ගූරුකම්) (_____________)විශ්වාසය තබනවාද​?
a) ගැන            b) කෙරෙහි       Answer is කෙරෙහි. 
15
Is he experienced (_____________) painting?
a) In               b) Of                Answer is In.

එයාට පින්තාරු කිරී(_____________) පළපුරුද්දක් තියෙනවාද​?
a) මෙන්          b) ගැන         Answer is මෙන්.
16
My wife is very interested (_____________) flower plants.
a) With          b) In                Answer is in.

මගේ බිරිඳ මල් පැළ (_____________) හරි උනන්දු වෙනවා.
a) සමඟ          b) ගැන            Answer is ගැන.                     
17
How much money did you invest (_____________) that project?
a) With          b) In / On         Answer is In / On.

කොච්චර මුදල් ඔයා අර ව්‍යාපෘතිය (_____________) යෙදෙව්වාද?
a) සමඟ          b) සඳහා             Answer is සඳහා. 
18
He did not succeed (_____________) his effort to go abroad?
a) In               b) Of                  Answer is In.

එයා එයාගේ පිටරට යැමේ උත්සාහ(_____________) සමත් වුනේ නැහැ.
a) යකින්          b) ගැන               Answer is යකින්.
19
The teacher congratulated me (_____________) my success in the exam.
a) On              b) Of                  Answer is On.

මම විභාග(_____________) සමත් වුනාට ටීචර් මට ශුභ පැතුවා.
a) යෙන්          b) ගැන               Answer is යෙන්.     
20
Don’t lean (_____________) that shelf.
a) On             b) With               Answer is On.

අර රාක්කය(_____________) හෙත්තූ වෙන්ඩ එපා.
a)                b) සමඟ               Answer is ට.               


01
Ajith is mad (_____________) me, because I did not write to him.
a) At             b) Of                   Answer is At.

අජිත් (මා සමඟ) වියරු වැටි(_____________) මම ඔහුට නොලිව්ව නිසා.
a) ලා             b) ගැන                Answer is ලා. 
02
Study hard, but don’t be too anxious (_____________) marks.
a) With        b) About              Answer is About.

මහන්සිවෙලා පාඩම් කරන්න නමුත් ලකූණු ගොඩාක් තැවෙන්න එපා.
a) සමඟ        b) ගැන                 Answer is ගැන.
03
Geetha is very particular (_____________) her clothes.
a) For           b) About              Answer is About.

ගීතා ඇගේ ඇඳුම් (_____________) හරි සැලකිලිමත්ය.
a) වෙනුවෙන්     b) ගැන            Answer is ගැන.
04
Is this cloth suitable (_____________) trousers?
a) With         b) For                  Answer is For

කලිසම(_____________) මේ ඇඳුම සුදුසුද?
a) සමඟ         b)                      Answer is ට.
05
Sunil is very different (_____________) his brother.
a) From         b) Of                   Answer is From.

සුනිල් එයාගේ සහොදරයාට (_____________) හරි වෙනස්.
a) වඩා           b) ගැන                 Answer is වඩා. 
06
I was not aware (_____________) Sunil’s illness.
a) Of             b) With                Answer is Of.

මම සුනිල්ගේ අසනීපය (_____________) අවබෝධයකින් යුක්තව හිටියේ නැහැ.
a) ගැන          b) සමඟ                Answer is ගැන. 
07
Is he capable (_____________) managing the firm?
a) To            b) Of                     Answer is Of.

එයාට ව්යාපාරික ආයතනය පාලනය(_____________) කිරීමට හැකියාවක් ඇතිද?
a)              b) ක්                      Answer is ක්.              
08
He is very grateful (_____________) his teacher.
a) To          b) With                  Answer is To.

එයා එයාගේ ගුරුවරයා(_____________) හරි ස්තුතිවන්තයි.
a)             b) සමඟ                 Answer is ට.               
09
Is my book identical (_____________) yours?
a) To          b) With                Answer is With.

මගේ පොත එහෙම පිටින්ම ඔයාගේ එක (_____________) සමානයිද​?
a)             b) සමඟ               Answer is සමඟ.
10
Why is he angry (_____________) you?
a) With       b) Of                  Answer is With.

ඇයි එයා ඔයත් (_____________) තරහයිද​?
a) එක්ක      b) ගැන               Answer is එක්ක.                    

01
Studying English is very easy.

ඉංග්‍රීසි ඉගෙන ගැනිල්ල හරි ලේසියි.
02
He does not like eating (to eat) rice thrice a day.

දවසකට තුන් සැරයක් බත් කෑමට එයා කැමැති නැහැ.
03
Travelling by plane is very expensive.

අහස් යාත්‍රාවෙන් ගමන් යෑම හරි ගණන්.
04
I could not help laughing at his dance.

එයාගේ නැටුමට මට හිනා නොවී ඉන්ඩ බැරිවුනා.
05
Sister (Nangi) does not like doing (to do) arithmatic.

අංක ගණිතය කිරීමට නංගි කැමැති නැහැ.
06
Don’t go without eating anything.

මොනවා හරි කන්නේ නැතුව යන්ඩ එපා.
07
This water is not good for drinking.

මේ වතුර බීමට හොඳ නැහැ.
08
He earns a hundred rupees a day by selling hoppers.

ආප්ප විකුණලා එයා දවසකට රුපියල් සියක් හම්බුකරනවා.
09
Instead of scolding him, speak to him kindly.

එයාට බනිනවා (බැනිල්ල​) වෙනුවට​, ආදරයෙන් කථාකරන්ඩ​.
10
Before going home, meet me.

ගෙදර යන්ඩ (යෑමට​) ඉස්සෙල්ලා මාව හමුවෙන්න​.
11
I could not sleep after watching the film.

චිත්‍රපටිය බැලුවට පස්සේ මට නිදාගන්ඩ බැරුව ගියා.
12
Don’t use that knife for cutting bread.

පාන් කපන්ඩ (කැපිල්ලට) ඔය පිහිය පාවිච්චි කරන්ඩ එපා.
13
When did your uncle stop smoking?

කවදාද ඔයාගේ මාමා දුම්බීම නැවැත්තුවේ?
14
Kamani never wrote to me after going abroad.

රට යෑමෙන් පස්සේ කමනි මට කවදාවත් ලිව්වේ නැහැ.
15
Study hard, without wasting time.

කාලය නාස්ති කරන්නේ නැතුව මහන්සිවෙලා පාඩම් කරන්න​.


01
It is getting dark. Turn the lights on.

අන්ධකාර වෙනවා, පහන් දල්වන්න​.
02
It is getting dark. Would you mind turning the lights on?

අන්ධකාර වෙනවා, කරුණාකරලා පහන් දල්වනවාද​?
03
It is getting cold. Shut the window.

ශිත වෙනවා, ජනේලය වහන්න​.
04
It is getting cold. Would you mind shutting the window?

ශිත වෙනවා, කරුණාකරලා ජනේලය වහනවාද?
05
Give me your book. I have lost mine.

මට ඔයාගේ පොත දෙන්න. මගේ එක නැතිවෙලා.
06
Would you mind giving me your book? I have lost mine.

කරුණාකරලා මට ඔයාගේ පොත දෙනවාද? මගේ එක නැතිවෙලා.
07
We like your stories. Tell us another.

අපි ඔයාගේ කථාවලට කැමැතියි. අපිට තව කියන්න​.
08
We like your stories. Would you mind telling us another?

අපි ඔයාගේ කථාවලට කැමැතියි. කරුණාකරලා අපිට තව කියනවාද?
09
She is afraid to go alone. Go with her.

ඇය තනිවම යාමට භයයි. ඇයත් සමඟ යන්න.
10
She is afraid to go alone. Would you mind going with her?

ඇය තනිවම යාමට භයයි. කරුණාකරලා ඇයත් සමඟ යනවාද?
11
Give him tea. He may not drink coffee.

එයාට තේ  දෙන්න​. එයා කෝපි නොබොන්ඩ පුලුවන්.
12
Would you mind giving him tea? He may not drink coffee.

කරුණාකරලා එයාට තේ  දෙනවාද? එයා කෝපි නොබොන්ඩ පුලුවන්.


No comments:

Post a Comment