Sunday, March 1, 2015

English Lesson 13

 

01
None of them is as tall as you.

ඒගොල්ලන්ගෙන් කවුරුවත් (එක්කෙනෙක්වත්) ඔයා තරම් උස නැහැ.
02
Somebody brought you this book today.

කවුදෝ ඔයාට මේ පොත ගෙනවා.
03
Did anybody give you an umbrella?

කවුරුවත් ඔයාට කුඩයක් දුන්නාද?
04
Last week, I bought two vests (banians). This week I bought two others.

ගිය සතියේ මම බැනියන් දෙකක් ගත්තා. මේ සතියේ තව දෙකක් ගත්තා.
05
Have you any good plates? No, I have only plastic ones.

ඔයා ලඟ හොඳ පිඟන් එහෙම තියෙනවාද​? නැහැ, මා ලඟ තියෙන්නේ ප්ලාස්ටික් ඒවා විතරයි.
06
Where are they? Look in that cupboard. They are the ones.

කෝ ඒවා? අල්මාරියේ බලන්ඩ​. ඒ තමයි ඒවා.
07
Where is your new bicycle? This is the ones.

ඔයාගේ අලුත් බයිසිකලය කෝ? මේ තමයි ඒක.
08
Sunil bought one book last week. He bought another today.

සුනිල් ගිය සතියේ එක පොතක් ගත්තා. ඔහු අද තව එකක් ගත්තා.
09
Father repaired two of our chairs last week. This week he repaired two others.

ගිය සතියේ තාත්තා අපේ පුටු දෙකක් අලුත්වැඩියා කළා. මේ සතියේ තව දෙකක් අලුත්වැඩියා කළා.
10
Where is your other dog?

ඔයාගේ අනිත් බල්ලා කෝ?
11
Why is there nobody at home today?

ඇයි අද කවුරුවත් ගෙදර නැත්තේ?
12
I met only one of your brothers today. Where are your other brothers?

මට අද හම්බවුනේ ඔයාගේ සහෝදරයින්ගෙන් එක්කෙනෙක් විතරයි. ඔයාගේ අනිත් සහෝදරයෝ කෝ?
13
There are only two mangoes on the table. Where are the others? There were ten in the morning.

මේසේ උඩ තියෙන්නේ අඹගෙඩි දෙකක් විතරයි. අනිත් ඒවා කෝ? උදේ දහයක් තිබුණා.
14
Why don’t Anil and Kamal talk to each other?

ඇයි අනිලුයි නිමලුයි එකිනෙකාට කථාකරන්නේ නැත්තේ.
15
I did not buy anything for Christmas this time.

මම මේ සැරේ කිසිදෙයක් නත්තලට ගත්තේ නැහැ.


01
I have two brothers. Paul is one. John is (_____________).
a) another                          b) other                                    c) others  
d) the other                       e) the others             Answer is the others

මට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. පෝල් එක්කෙනෙක්, ජෝන් (_____________).
a) තව එක්කෙනෙ(/එක)ක් b) තව                                       c) තව අය(/එවා)  
d) අනිකා, අනිත් එක​          e) අනිත් අය(/එවා)             Answer is අනිත් එක්කෙනා    
02
Last year one of his brothers went to India. This year (_____________) of his brothers went to Malaysia.
a) another                          b) other                                    c) others  
d) the other                       e) the others             Answer is another

ගිය අවුරුද්දේ එයාගේ එක සහෝදරයෙක් ඉන්දියාවට ගියා. මේ අවුරුද්දේ (_____________) එයාගේ එක සහෝදරයෙක් මැලෙසියාවට ගියා.
a) තව එක්කෙනෙ(/එක)ක් b) තව                                       c) තව අය(/එවා)  
d) අනිකා, අනිත් එක​          e) අනිත් අය(/එවා)​             Answer is තව
03
Where are my (_____________) books?
a) another                          b) other                                    c) others  
d) the other                       e) the others             Answer is other

මගේ (_____________) පොත් කෝ?
a) තව එක්කෙනෙ(/එක)ක් b) තව                                       c) තව අය(/එවා)  
d) අනිකා, අනිත් එක​          e) අනිත් අය(/එවා)             Answer is අනිත්         
04
Last week he bought to pens. This week he bought two (_____________).
a) another                          b) other                                    c) others  
d) the other                       e) the others             Answer is others

ගිය සතියේ එයා පෑන් දෙකක් ගත්තා. මේ සතියේ එයා (_____________) දෙකක් ගත්තා.
a) තව එක්කෙනෙ(/එක)ක් b) තව                                       c) තව අය(/එවා)  
d) අනිකා, අනිත් එක​          e) අනිත් අය(/එවා)             Answer is තවත්         
05
I bought five mangoes. I ate two. I gave my brother (_____________).
a) another                          b) other                                    c) others  
d) the other                       e) the others             Answer is the others

මම අඹගෙඩි පහක් ගත්තා. මම දෙකක් කෑවා. මම මගේ සහෝදරයට (_____________) දුන්නා.
a) තව එක්කෙනෙ(/එක)ක් b) තව                                       c) තව අය(/එවා)  
d) අනිකා, අනිත් එක​          e) අනිත් අය(/එවා)             Answer is අනිත් ඒවා 
06
His parents love each (_____________) very much.
a) another                          b) other                                    c) others  
d) the other                       e) the others             Answer is other

එයාගේ දෙමව්පියො (_____________) හුඟාක් ආදරෙයි.
a) තව එක්කෙනෙ(/එක)ක් b) තව                                       c) තව අය(/එවා)  
d) අනිකා, අනිත් එක​          e) අනිත් අය(/එවා)​             Answer is එකිනෙකාට           
07
This is one dictionary. He has two (_____________) dictionaries.
a) another                          b) other                                    c) others  
d) the other                       e) the others             Answer is other

මේ එක ශබ්දකෝෂයක්. එයාට (_____________) ශබ්දකෝෂ දෙකක් තියෙනවා.
a) තව එක්කෙනෙ(/එක)ක් b) තව                                       c) තව අය(/එවා)  
d) අනිකා, අනිත් එක​          e) අනිත් අය(/එවා)             Answer is තව
08
Sunil’s brothers help one (_____________) a lot.
a) another                          b) other                                    c) others  
d) the other                       e) the others             Answer is another

සුනිල්ගේ සහෝදරයෝ (_____________) ගොඩාක් උදව් වෙනවා.
a) තව එක්කෙනෙ(/එක)ක් b) තව                                       c) තව අය(/එවා)  
d) අනිකා, අනිත් එක​          e) අනිත් අය(/එවා)             Answer is එකිනෙකාට           
09
There were two umbrellas in this shop. Sunil bought one. I bought (_____________).
a) another                          b) other                                    c) others  
d) the other                       e) the others             Answer is the other

මේ කඩේ කුඩ දෙකක් තිබුණා. සුනිල් එකක් ගත්තා. (_____________) මම ගත්තා.
a) තව එක්කෙනෙ(/එක)ක් b) තව                                       c) තව අය(/එවා)​  
d) අනිකා, අනිත් එක​          e) අනිත් අය(/එවා)             Answer is අනික        
10
Where is your (_____________) friend?
a) another                          b) other                                    c) others  
d) the other                       e) the others             Answer is other

ඔයාගේ (_____________) යලුවා කෝ?
a) තව එක්කෙනෙ(/එක)ක් b) තව                                       c) තව අය(/එවා)  
d) අනිකා, අනිත් එක​          e) අනිත් අය(/එවා)             Answer is අනිත්         



01
Somebody is singing a beautiful song.

කවුදෝ ලස්සණ සිංදුවක් කියනවා.
02
Today there is nobody else at home.

අද ගෙදර වෙන කවුරුවත් නැහැ.
03
There was nobody in church today.

කවුරුවත් උදේ පල්ලියේ හිටියේ නැහැ.
04
Where is your other friend?

ඔයාගේ අනිත් යලුවා කෝ?
05
Where are the other children of this class?

මේ පංතියේ අනිත් ළමයි කෝ?
06
Did anybody else come with father yesterday?

ඊයේ තාත්තාත් එක්ක වෙන කවුරුවත් ආවාද​?
07
Somebody asked about you today.

කවුදෝ ඔයා ගැන අද ඇහැව්වා.
08
I didn't see anybody (/I saw nobody) in he temple today.

මම අද කාවවත් පන්සලේ දැක්කේ නැහැ.
09
Mr. Perera wrote one book last year. He is writing another this year.

පෙරේරා මහත්තයා ගිය අවුරුද්දේ එක පොතක් ලිව්වා. මේ අවුරුද්දේ තවත් එකක් ලියනවා.
10
I have two brothers. One is Ranjith. The other is Rohita.

මට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් රංජිත්, අනිත් එක්කෙනා රෝහිත.
11
Last year one of his sisters entered the university. This year another entered.

ගිය අවුරුද්දේ එයාගේ එක සොහොයුරියක් විශ්ව විද්‍යාලයට ඇතුලු වුනා. මේ අවුරුද්දේ තව එක්කෙනෙක් ඇතුලු වුනා.
12
Where is my other shoe?

කෝ මගේ අනිත් සපත්තුව​?
13
Last week he bought to ball-point pens. This week, he bought two others.

ගිය සතියේ එයා බෝල්පොයින්ට් පෑන් දෙකක් ගත්තා. මේ සතියේ එයා තවත් දෙකක් ගත්තා.
14
His two brothers are angry with each other.

එයාගේ සහෝදරයෝ දෙන්නා එකිනෙකා එක්ක තරහයි.
15
Where is your other younger sister?

කෝ ඔයාගේ අනිත් නංගි?
16
Yesterday we plucked ten mangoes. I ate two. Younger sister ate the others.

අපි ඊයේ අඹගෙඩි දහයක් කැඩුවා. මම දෙකක් කෑවා. නංගි අනිත් ඒවා කෑවා.
17
I like two teachers of our school very much. I do not like the others.

අපේ පාසැලේ ගුරුවරුන් දෙන්නෙකුට මම හුඟාක් කැමතියි. අනිත් අයට මම කැමැති නැහැ.
18
There were two English books in that shop. I bought one. Ranjith bought the other.

ඒ කඩේ ඉංග්‍රීසි පොත් දෙකක් තිබුණා. මම එකක් ගත්තා. අනික රංජිත් ගත්තා.
19
Didn't your other younger brother come today?

ඔයාගේ අනිත් මල්ලි අද අවේ නැද්ද​?
20
Younger sister has two cats. This is one. That is the other.

නංගිට පුසෝ දෙන්නෙක් ඉන්නවා. මේ එකෙක්, අර අනිකා.

No comments:

Post a Comment