01
|
The
girl reading a book there is Sumana.
|
|
අතන
පොතක් කියව කියවා ඉන්න ගෑනු ළමයා සුමනා.
|
02
|
The
boy riding that bicycle is Ajith.
|
|
අර
බයිසිකලය පදින පිරිමි ළමයා අජිත්.
|
03
|
Opening
the door, she came in.
|
|
දොර
ඇරගෙන ඈ ඇතුළට ආවා.
|
04
|
Yesterday
I saw your sister (Nangi) talking with the teacher.
|
|
ඊයේ
ඔයාගේ නංගි ගුරුතුමා එක්ක කථා කර කර ඉන්නවා මම දැක්කා.
|
05
|
I
hear someone knocking on the door.
|
|
කවුදෝ
දොරට තට්ටු කරනවා මට ඇහෙනවා.
|
06
|
Yesterday
I was busy writing letters.
|
|
ඊයේ
මම ලියුම් ලිවිල්ලේ යෙදිලා හිටියා.
|
07
|
Do
not talk too much while eating.
|
|
කනකොට
ඕනෑවට වැඩියේ කථා කරන්ඩ එපා.
|
08
|
Covering
his face with both hands, Ajith wept.
|
|
අත්දෙකෙන්ම
මුහුණ වහගෙන අජිත් ඇඬුවා.
|
09
|
Fixing
a nail on the wall, he hung the picture.
|
|
බිත්තියේ
ඇණයක් ගහලා, එයා පින්තූරය එල්ලුවා.
|
10
|
Giving
tuition, Mr. Perera earns a lot of money.
|
|
ටියුෂන්
දීලා,පෙරේරා මහත්මයා හුඟාක් සල්ලි හම්බු කරනවා.
|
11
|
Fearing
to get fat, Kamala does not eat at night.
|
|
මහත්වෙන්ඩ
භයේ (බියවෙමින්) කමලා රෑට කන්නේ නැහැ.
|
12
|
Professor
Perera spends his free time teaching English to Buddhist monks.
|
|
හාමුදුරුගොල්ලන්ට
ඉංග්‍රීසි උගන්වමින්, මහාචාර්ය පෙරේරා මහත්මයා එයාගේ විවේක කාලය ගතකරනවා.
|
13
|
The
boy who is shouting there is Geetha’s brother (Mallie).
|
|
අතන
කෑගහන පිරිමි ළමයා ගීතගේ මල්ලී.
|
14
|
The
lady who is carrying that basket of vegetables I Seetha’s mother.
|
|
අර
එලවලු මල්ල ගෙනයන නෝනා, සීතාගේ අම්මා.
|
15
|
The
coat which is hanging there is our teacher’s.
|
|
අතන
එල්ලෙන කෝට් එක අපේ ගුරුතුමාගේ.
|
01
|
There
is no furniture in this room. Why is the room (_____________)?
a) Bear b) Bare Answer is Bare.
|
|
මේ
කාමරයේ ලී බඩු නැහැ.ඇයි කාමරය (_____________)?
a) දරා ගන්නවා b) හිස් Answer is හිස්.
|
02
|
(_____________) parents were in church today.
a) There b) Their Answer is Their.
|
|
(_____________)
දෙමව්පියෝ
අද පල්ලියේ හිටියා.
a) එතැන b)
ඒගොල්ලන්ගේ Answer
is ඒගොල්ලන්ගේ.
|
03
|
Give
me a (_____________) of soap.
a) Peace b)
Piece Answer
is Piece.
|
|
මට
සබන් (වර්ගයේ) (_____________)
දෙන්න.
a) සාමය b) කෑල්ලක් Answer is කෑල්ලක්.
|
04
|
Please
(_____________) in the shade.
a) Weight b) Wait Answer is Wait.
|
|
කරුණාකරලා
හෙවන යට
(_____________).
a) බර b) නවතින්න Answer
is නවතින්න.
|
05
|
This
(_____________) is very tasty.
a) Meet b)
Meat Answer is Meat.
|
|
මේ
(_____________)
හරි
රසවත්‍ය.
a) මුණ ගැහෙනවා b)
මස් Answer is මස්.
|
06
|
Did
he (_____________) of tuberculosis?
a) Dye b)
Die Answer is Die.
|
|
එයා
(_____________)
ක්‍ෂය
රෝගයෙන්ද?
a) සායම්, තීන්ත b)
මැරුනේ Answer is මැරුනේ.
|
07
|
What
is the bus (_____________) from Colombo to Negombo?
a) Fair b)
Fare Answer is Fare.
|
|
මොකක්ද
කොළඹ සිට මිගමුවට(_____________).
a) සාධාරණ b)
ගමන් ගාස්තූව Answer
is ගමන්
ගාස්තූව.
|
08
|
My
trouser belt is (_____________).
a) Lose b)
Loose Answer is Loose
|
|
මගේ
කලිසම් බඳපටිය (_____________)ය.
a) නැති වෙනවා b) බුරුල් Answer is බුරුල්.
|
09
|
Did
I get any (_____________) today?
a) Male b)
Mail Answer
is Mail.
|
|
මට
අද යම්
(_____________) ලැබුණාද?
a) පිරිමි
b)
ලියුම් Answer is ලියුම්.
|
10
|
I
bought a (_____________) of shoes yesterday.
a) Pear b)
Pare c)
Pair Answer
is Pair.
|
|
මම
ඊයේ සපත්තූ
(_____________) මිලට
ගත්තා.
a) පෙයාස් ගෙඩියක් b) සහිනවා c) ජෝඩුවක් Answer is ජෝඩුවක්.
|
01
|
I
saw the man climbing the tree.
|
|
මිනිහා
ගහට නගිනවා මම දැක්කා.
|
02
|
Closing
the door, Ranil left the house.
|
|
දොර
වහගෙන රනිල් ගෙදරින් පිටවුනා.
|
03
|
I
hear somebody singing a song.
|
|
කවුදෝ
සිංදුවක් කියනවා මට ඇහෙනවා.
|
04
|
I
heard the teacher scolding Ranil.
|
|
ටීචර්
රනිල්ට බනිනවා මට ඇහුනා.
|
05
|
Students
were at the school gate waiting for the school bus.
|
|
පාසැල්
බස් එක එනකන් බලාගෙන, ශිෂ්‍යයෝ පාසැල් ගේට්ටුව ලඟ හිටියා.
|
06
|
We
were watching the policeman running after the robber.
|
|
පොලිස්
කාරයා හොරා පස්සේ එලවනවා අපි බලාගෙන හිටියා.
|
07
|
Being
rich, Mr. Perera can buy a car.
|
|
පොහොසත්
වන නිසා පෙරේරා මහත්තයාට කාර් එකක් ගන්ඩ පුලුවන්.
|
08
|
Yesterday,
sister (Akka) came home crying.
|
|
අක්කා
ඊයේ අඬාගෙන ගෙදර ආවා.
|
09
|
The
dog ran after the robber barking.
|
|
බුර
බුරා බල්ලා හොරා පස්සේ දිව්වා.
|
10
|
Father
(Thattha) snores when (while) sleeping.
|
|
නිදාගන්නකොට
තාත්තා ගොරවනවා.
|
11
|
Closing
her eyes, mother (Amma) meditated.
|
|
ඇස්වහගෙන
අම්මා භාවනා කළා.
|
12
|
Have
you ever seen him bathing?
|
|
එයා
නානවා ඔයා කවදාවත් දැකලා තියෙනවාද?
|
13
|
Leaving
his slippers outside, he entered the house.
|
|
සෙරෙප්පු
එලියේ තියලා, එයා ගෙට ඇතුලු වුනා.
|
14
|
The
boy, leaning on that tree, is Sunil.
|
|
අර
ගහට හේත්තුවේගෙන ඉන්න පිරිමි ළමයා සුනිල්.
|
15
|
Looking
at me, he drew my picture.
|
|
මා
දිහැ බලාගෙන එයා චිත්‍රය ඇන්දා.
|
01
|
The
person reading a book there is our teacher.
|
|
අතන
පොතක් කියවන තැනැත්තා අපේ ගුරුවරයාය.
|
02
|
The
person who is reading a book there is our teacher.
|
|
අතන
පොතක් කියව කියවා ඉන්න තැනැත්තා අපේ ගුරුවරයාය.
|
03
|
The
dog barking there is our Micky.
|
|
අතන
බුරන බල්ලා අපේ මිකීය.
|
04
|
The
dog which is barking there is our Micky.
|
|
අතන
බුරන බල්ලා අපේ මිකීය.
|
05
|
People
working hard become (get) rich fast.
|
|
මහන්සිවෙලා
වැඩකරන මිනිස්සු ඉක්මනට පොහොසත් වෙනවා.
|
06
|
People
who work hard become (get) rich fast.
|
|
මහන්සිවෙලා
වැඩකරන මිනිස්සු ඉක්මනට පොහොසත් වෙනවා.
|
07
|
That
girl wearing a blue frock is Sunil’s sister (Nangi).
|
|
නිල්පාට
ගවුමක් ඇඳගෙන ඉන්න අර ගෑණු ළමයා සුනිල්ගේ නංගීය.
|
08
|
That
girl who is wearing a blue frock is Sunil’s sister (Nangi).
|
|
නිල්පාට
ගවුමක් ඇඳගෙන ඉන්න අර ගෑණු ළමයා සුනිල්ගේ නංගීය.
|
09
|
That
boy climbing the tree is Banda.
|
|
ගහට
නගින අර පිරිමි ළමයා බණ්ඩාය.
|
10
|
That
boy who is climbing the tree is Banda.
|
|
ගහට
නගින අර පිරිමි ළමයා බණ්ඩාය.
|
No comments:
Post a Comment