Monday, March 30, 2015

English Lesson 24



01
Where has your father gone? He has gone to Jaffna.

ඔයාගේ තාත්තා කොහේද ගිහින් තියෙන්නේ? තාත්තා යාපනේට ගිහිල්ලා.
02
Has Sunil passed the B.A.?

සුනිල් බී. ඒ. පාස්කරලාද​?
03
I have been repairing my house since last year.

ගිය අවුරුද්දේ ඉඳලා මම මගේ ගේ අලුත්වැඩියා කරනවා (/ කර කර ඉඳලා තියෙනවා.).
04
Ajith has been writing that essay since yesterday.

ඊයේ ඉඳලා අජිත් ඒ රචනාව ලියනවා (/ ලිය ලිය ඉඳලා තියෙනවා.).
05
What have the students been doing?

ශිෂ්‍යයෝ මොනවාද කර කර ඉඳලා තියෙන්නේ?
06
They have been cleaning the class-room.

ඒගොල්ලෝ පංති කාමරේ ශුද්ධ කර කර ඉඳලා තියෙනවා.
07
Has Sunil bought a new motor cycle?

සුනිල් අලුත් මොටර් සයිකලයක් අරන්ද​?
08
What has your friend brought for you from Dubai?

ඔයාගේ යලුවා ඔයාට මොනවාද ඩුබායි ඉඳලා ගෙනැවිත් තියෙන්නේ?
09
My uncle has been looking for our house for nearly two hours.

පැය දෙකක් තිස්සේ මගේ මාමා අපේ ගේ හොය හොයා ඉඳලා තියෙනවා.
10
Have you finished your home work?

ඔයා ඔයාගේ පංති අභ්‍යාස ඉවර කරලද​?
11
Having taken his lunch, he went to bed at once.

දවල්ට කාලා එයා එකපාරම නිදාගන්ඩ (ඇඳට) ගියා.
12
Having brought the book home, he finished reading it in two hours.

පොත ගෙදර ගෙනැවිල්ලා, එයා පැය දෙකකින් ඒක කියවලා ඉවර කළා.
13
Have you been to Yala?

ඔයා යාලට ගිහින් තියෙනවාද?
14
No, I have never been to Yala.

නැහැ, මම කවදාවත් යාලට ගිහිල්ලා නැහැ.
15
I have been to Wilpattu once.

මම වරක් විල්පත්තුවට ගිහින් තියෙනවා.
16
Has a new plane been bought by Air Lanka?

'එයාර් ලංකාව​' අලුත් අහස් යාත්‍රාවක් අරගෙනද​?
17
My book has been stolen by someone.

මගේ පොත කවුදෝ හොරකම් කරලා.
18
When has this house been sold?

මේ ගේ කවදාද විකුණලා තියෙන්නේ?
19
Has my shoe been repaired?

මගේ සපත්තුව හදලාද​?
20
They have not been paid their salary yet.

ඒගොල්ලන්ට තාම ඒගොල්ලන්ගේ පඩි ගෙවලා නැහැ.


01
He is eating.

එයා කනවා.
02
He has just eaten.

එයා මේ දැන් කාලා.
03
My father is leaving the house.

තාත්තා ගෙදරින් පිටත් වෙනවා.
04
My father has just left the house.

තාත්තා මේ දැන් ගෙදරින් පිටත් වෙලා.
05
Padma is having her breakfast.

පද්මා ඇගේ උදේ ආහාරය ගන්නවා.
06
Padma has just had her breakfast.

පද්මා මේ දැන් ඇගේ උදේ ආහාරය ගත්තා.
07
Devika is writing a letter.

දෙවිකා ලියුමක් ලියනවා.
08
Devika has just written a letter.

දෙවිකා මේ දැන් ලියුමක් ලියලා.
09
My sister is turning on the radio.

නංගි ගුවන් විදුලිය (රේඩියෝව​) ක්‍රියාත්මක කරනවා.
10
My sister has just turned on the radio.

නංගි මේ දැන් ගුවන් විදුලිය (රේඩියෝව​) ක්‍රියාත්මක කරලා.
11
Anil is bathing.

අනිල් නානවා.
12
Anil has just bathed.

අනිල් මේ දැන් නාලා.


01
I have already had lunch.

දැනටමත් මම දවල්ට කාලා ඉවරයි.
02
Haven’t you had lunch yet?

තවමත් ඔබ දවල්ට කාලා නැද්ද​?
03
I have already seen the doctor.

දැනටමත් මම දොස්තර හම්බවෙලා ඉවරයි.
04
Haven’t you seen the doctor yet?

තවමත් ඔබ දොස්තර හම්බවෙලා නැද්ද​?
05
I have already written to the principle.

දැනටමත් මම විදුහල්පතිතුමාට ලියලා ඉවරයි.
06
Haven’t you written to the principle yet?

තවමත් ඔබ විදුහල්පතිතුමාට ලියලා නැද්ද​?
07
I have already read that book.

දැනටමත් මම අර පොත කියවලා ඉවරයි.
08
Haven’t you read that book yet?

තවමත් ඔබ අර පොත කියවලා නැද්ද​?
09
I have already done my homework.

දැනටමත් මම මගේ පංති අභ්‍යාස කරලා ඉවරයි.
10
Haven’t you done your homework yet?

තවමත් ඔබ ඔබගේ පංති අභ්‍යාස කරලා නැද්ද​?
11
I have already finished the essay.

දැනටමත් මම රචනාව කරලා ඉවරයි.
12
Haven’t you finished the essay yet?

තවමත් ඔබ රචනාව ඉවර කරලා නැද්ද​?


01
Mother (Amma) has never gone (never been) to the zoo.

අම්මා කවදාවත් සත්වොද්‍යානයට ගිහිල්ලා නැහැ.
02
When has Ranjit gone to Kuait?

රංජිත් කුවේට් එකට ගිහින් තියෙන්නේ කවදාද​?
03
Your eyes are red. You have been crying.

ඔයාගේ ඇස් රතුයි. ඔයා අඬ අඬා ඉඳලා තියෙනවා.
04
I have often gone to that temple (Pansala).

මම ඒ පන්සලට නිතර ගිහින් තියෙනවා.
05
Father (Thattha) has been teaching in that school for twenty years.

මගේ තාත්තා ඒ පාසැලේ අවුරුදු විස්සක් උගන්න උගන්න ඉඳලා තියෙනවා.
06
The teacher has not come yet.

ගුරුතුමා තාම ඇවිල්ලා නැහැ.
07
Have you never gone (been) to India?

ඔයා කවදාවත් ඉන්දියාවට ගිහින් නැද්ද​?
08
Ranil has been drawing that picture from yesterday.

රනිල් ඊයේ ඉඳලාම ඔය පින්තූරේ අඳිනවා (/ ඇඳ ඇඳ ඉඳලා තියෙනවා.).
09
Our dog has bitten a child.

අපේ බල්ලා ළමයෙක්ව හපලා.
10
Who has been bitten?

කවද හපලා තියෙන්නේ?
11
The Kelani bridge has been repaired (/ is repaired) now.

කැළණි පාලම දැන් හදලා.
12
From whom has he bought the car?

කාගෙන්ද එයා කාර් එක අරන් තියෙන්නේ?
13
Having seen the robber, sister (Akka) shouted.

හොරාව දැකලා, අක්කා කෑගැහුවා.
14
Having written the essay, Sunil gave it to the teacher.

රචනාව ලියලා, සුනිල් ඒක ගුරුතුමාට දුන්නා.
15
Having taken a drink, father (Thattha) went to sleep at once.

අඩියක් ගහලා, තාත්තා එකපාරම නිදාගන්ඩ ගියා.


01
The tree has been cut.

ගහ කපලා.
02
The tree is cut.

ගහ කපලාය.
03
The lamp has been lit.

ලාම්පුව පත්තුකරලා.
04
The lamp is lit.

ලාම්පුව පත්තුකරලාය.
05
Rice has been cooked.

බත් උයලා.
06
Rice is cooked.

බත් උයලාය.
07
The robber has been caught.

හොරාව අල්ලලා.
08
The robber is caught.

හොරාව අල්ලලාය.
09
The house has been sold.

ගේ විකුණලා.
10
The house is sold.

ගේ විකුණලාය.
11
It has been given to somebody.

ඒක කාටද දීලා.
12
It is given to somebody.

ඒක කාටද දීලාය.



01
Sister (Akka) has lit the lamp.

අක්කා ලාම්පුව පත්තුකරලා.
02
Mother (Amma) has cooked the rice.

අම්මා බත් උයලා.
03
The policemen have caught the robber.

පොලිස්කාරයෝ හොරාව අල්ලලා.
04
My uncle has sold the house.

මාමා ගේ විකුණලා.
05
He has given it to somebody.

එයා ඒක කාටද දීලා.


No comments:

Post a Comment