Tuesday, January 12, 2016

ධර්ම දානය - පන්සිල් සමාදන් වීම

නොමිලේ බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.
  

සිල් සමාදන් වීම.

පන්සිල් සමාදන් වීම.

01
පාණතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.




/පර පණ නැසීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
02
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.






/අනුන් සතු ඔවුන් කමැත්තෙන් නොදුන් දෙයක් සොර සිතින් ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
03
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.




/කාමයන් හි වරදවා හැසිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
04
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.




/මුසාවාදයෙන් හෙවත් බොරු කීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
05

සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.




/මත්වීම හා ප්‍රමාදයට කරණා වූ රහමෙර පානය කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./





(භික්‍ෂුව :- තිසරණේන සංද්ධිං පංචසීලං ධම්මං සධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පා දේ තබ්බං.






/මේ තිසරණ සහිත වු පංච ශීලය මනා ලෙස  සුරක්‍ෂිතව සිහිනුවණින් රැකගත යුතුය. මෙම ධර්මය මර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වසනා වේවා./

උපාසක :- ආම භන්තේ.


/එහෙමයි ස්වාමින් වහන්ස./ )
      
සම්පාදනය හේ.දි. කමන්ත දිල්මිණ.

01 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය සහිතව
     

      
02 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය රහිතව​
   


No comments:

Post a Comment