නොමිලේ බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.
නමස්කාරය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
ලෝකාග්‍ර වු ලෝක නායක වු දේවාති දේව වු බ්රාහ්මානි බ්‍රාහ්ම වු තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්ස, ඔබ වහන්සේ අතට පත්වු නිවන් සැප අත්හැර සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුලුල්ලේ ඇස්-ඉස්-මස්-ලේ අඹු දරුවන් දන් දී පරමිතා සම්පුර්ණ කොට සිරි මහා බෝ මුල දී දස බිම්බරක් මාර සේනාව පරාජය කොට චතුරාර්ය සත්‍යය අවබෝධකොට උතුම් වු බුද්ධත්වයට පැමිණි සේක.
අප වැනි අසරණ සත්වයන් සංසාර දුකින් අත මුදවා ගැනීම සඳහා අපමණ වෙහෙසුනා වු ශාක්‍ය සිංහ වු සමන්ත භද්‍ර වු අසම සම වු තිලොවට තිලක වු සාගරයක් සේ අචින්ත්‍ය වු දෑරඟ මිණක් සේ නිර්මල වූ අනන්ත ගුණ ඇත්තා වු උතුම් වු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ඒ භගවත් රහත් සම්මා සම්බුදුන්හට කයින් වදනින් සිතිනුත් මගේ වැඳුම වේවා.
සම්පාදනය හේ.දි. කමන්ත දිල්මිණ.
No comments:
Post a Comment